ඉතිහාසගත තරගයට ශ්‍රී ලංකාව පාකිස්තානයට පැමිණෙයි

පාකිස්තාන කණ්ඩායම හා පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා (ඔක්තෝබර් 29) දා අලුයම ලාහෝර් නුවරට පැමිණියේය. කණ්ඩායම වෙනුවෙන් ඉහළ ආරක්ෂාවක් සපයා තිබුණ අතර ශ්‍රී ලංකාව පැමිණීම හරහා පාකිස්තානය තුළ නැවත වරක් ජාත්‍යන්තර තරග පැවැත්වීම සඳහා හොඳ වට පිටාවක් නිර්මාණය වෙනු ඇත.

2009 වසරේ මාර්තු මස 3 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියකට සහභාගිවන්නේ වසර 8කට අධික කාලයකට පසුවය.

ප්‍රහාරයන් පසුව පාකිස්තානය සිම්බාබ්වේ කණ්ඩායම සමග සීමිත පන්දුවාර තරග 5කට ක්‍රීඩා කළේය. මෑත කාලීනම ලෝක ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ප්‍රදර්ශන විස්සයි20 තරග තුනක්ද පාකිස්තානයේදී පැවැත්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණ සුළු වේලාවකින් පාකිස්තානයද පාකිස්තානට ළඟා වූ අතර කණ්ඩායම් දෙකම ඉහළ ආරක්ෂාවක් සහිතව බෝම්බ නොවදින බස්රථ දෙකකින් ඔවුන් නැවතී සිටින හෝටලයර රැගෙන ගියේය.

ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් සීමිත පන්දුවාර නායක උපුල් තරංග හා පුහුණුකරු නික් පෝතාස් පාකිස්තානයට නොපැමිණියේය. ඊට අමතරව ලසිත් මාලිංග, අකිල ධනංජය, සුරංග ලක්මාල්, චාමර කපුගෙදර, දුෂ්මන්ත චමීර, නිරෝෂන් දික්වැල්ල පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පැවැරුණි.

“පාකිස්තානයට නැවතවරක් පැමිණීමට ලැබීම සතුටක්. අපිට ලැබුණ උණුසුම් පිළිගැනීමට පාකිස්තාන කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා. අපි අපේ උපරිමය මෙම තරගයට දීමට බලාපොරොත්තුවෙනවා.” යැයි ලෝක කණ්ඩායම සමගත් පාකිස්තානයට පැමිණි තිසර පවසයි.

“ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට පැමිණිම ගැන ස්තූතිවන්ත වෙනවා. මම විශ්වාස කරනවා අපේ ජනතාව මෙම තරගයේදී කණ්ඩායම් දෙකටම සහාය දක්වාවි කියා.” යැයි සර්ෆාස් පවසයි.

පාකිස්තාන වේලාවෙන් තරගය 6.00ට ආරම්භවීමට නියමිත අතර තරගය අවසන්වී සුළු වේලාවකින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Comments

comments