හිටපු බලවත් කාන්තාවක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

කලක් දේශපාලන ක්ෂේත්‍රයේ සිටි බලවත් කාන්තාවක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම සඳහා මේ දිනවල ඉහළ පෙළේ රහස් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව අනාවරණවනවා.

විශේෂයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කටයුතුවලට ඇගේ ක්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍ය බවට, සුළු ජාතික දේශපාලන පක්ෂයක් කරන ලදැයි කියන ඉල්ලීමකට අනුව මේ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

ජාතික ලැයිස්තුවෙන් මේ කාන්තාව පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා දැනට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරයකු එම ධුරයෙන් ඉවත්වීමට කැමැත්ත පළකොට ඇති බවද ආරංචි මාර්ග කියයි.

කලක් දේශපාලන කටයුතුවලින් අෑත්ව සිටි මේ ප්‍රබල කාන්තා චරිතය දැන් ඍජුවම දේශපාලනයට පිවිස සිටී. ඇය පාර්ලිමේන්තු දේශපාලනයට එනවාද නැද්ද යන්න ගැන මෙතෙක් ප්‍රකාශ වී නැතත්, ඇයගේ කැමැත්ත ලබාගැනීමට සන්ධානයේ ප්‍රබලයන් කීපදෙනකු උත්සාහයක යෙදී සිටින බවද වාර්තාවනවා.

Comments

comments