‘අපි විනාසයි ගෝඨාගේ එවුන් අපිව කෑවා’ – බැසිල්, මහින්දට කියයි

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල ‘මිනීමරු කතාව’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් විවේචනයට ලක්ව තිබේ. නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවත් ‘වියත් මග’ විසින් පසුගිය 21 වෙනිදා ගම්පහදී පැවැති රැස්වීමකදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශය කරනු ලැබුවේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ද මුලසුනේ තබාගෙනය.

මෙම ප්‍රකාශය සැලවීමත් සමග බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂට දුරකථනයෙන් අමතා “අපි ඉවරයි.. ගෝඨාගේ එවුන් අපිව කෑවා” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

අන්තවාදී මත දරන කිහිප දෙනෙකු දේශපාලන දැනුමක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතාව නොමග යවමින් ජනප්‍රිය චරිතවීමට බොළඳ උත්සහයක් දරන බව පැවසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම ප්‍රකාශකයා, කමල් ගුණරත්නගේ ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ද විවේචනයට ලක්ව ඇතැයි ද කියා සිටියේය.

එකාබද්ධයත් අවුලක !

එසේම, ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර,ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරුන් ද කමල් ගුණරත්නගේ ප්‍රකාශයට විරෝධය පළකර ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග’ සංවිධානයට අනුග්‍රහය නොදක්වන ලෙස ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළේය.

දේශද්‍රෝහීන්ට මරණය !

88-89 කාලයේ ත්‍රස්තවාදීන් විසින් ‘දේශද්‍රෝහීන්ට මරණය‘ කියා ලියා තිබුනා සේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන දේශද්‍රෝහීන්ට ද මරනය ලබා දිය යුතු බවත්, 88-89 කාලයේ දී මෙන් එසේ මරා දැමූ අයගේ මිනිය දනහිසෙන් පහලට එල්ලාගෙන කනත්තට රැගෙන ගියා සේ අගෞරව කළ යුතු බවත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා එහිදී අවධාරණය කර සිටියේය.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා, 88-89 යුගයේදී තමා සමග අත්වැල් බැඳ ගනිමින් ‘මව්වරුන්ගේ පෙරමුණ’ ගොඩනැගු මහින්ද රාජපක්ෂ මහතා යලිත් ඒ යුගයට යාමට සුදානම් දැයි වහාම රට හමුවේ ප්‍රකාශකළ යුතු බව කියා සිටියේය.

CXN

Comments

comments