ලංකාව ගිලෙන හැටි ටිල්වින් කියයි

ඔක්තෝම්බර් විප්ලවය තුළින් විවර කරන ලද මාර්ගයේ ලෝකයේ අනෙකුත් රටවල් ගමන් කල ද ලංකාව. තවමත් අඳුරේ ගිලෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඔක්තෝම්බර් විප්ලවයේ සියවස් සැමරුම වෙනුවෙන් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී (27) පැවති උත්සවයට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඔක්කොම්බර් විප්ලවය තුළින් ලෝකය එතෙක් ගමන් කරන ලද මාර්ගය වෙනස් කල අතර ඒ තුළින් චීනය කියුබාව වැනි රටවල් එම මාර්ගයේ ගමන් කරමින් දියුණු රාජ්‍යයන් බවට පත් වුවත් ලංකාව තවමත් අඳුරේ ගිලෙමින් එම මාවතේ යාමට උත්සහ කරමින් සිටින බව එතුමන් වැඩි දුරටත් පැවසීය.

දෙස් විදෙස් ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති ඔක්තෝම්බර් විප්ලවයේ සියවස් සැමරුම හෙට දිනයේත් පැවැත් වෙනු ඇත.

Comments

comments