ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මඩ ගැසීමේ මෙහෙයුමක්‌ සඳහා හිලරි කොන්ත්‍රාත්තුවක්‌ භාරදුන් බව හෙළිවෙයි

ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් ජනාධිපතිවරණයෙන් ජයගැනීම සඳහා දියත්කර තිබූ නින්දිත මෙහෙයුමක තොරතුරු දැන් හෙලිවී ඇත.

ඇය සිය මැතිවරණ ප්‍රචාරක නීතිවේදී මාර්ක්‌ එලිසස්‌ ලබා මඩ ගැසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ හැකි ප්‍රසියන් පර්යේෂක සමාගම නැමැති ආයතනයේ සේවය ලබාගෙන ඇත.

මේ ආයතනය සිය මඩ ගැසීමේ මෙහෙයුම හිටපු බ්‍රිතාන්‍ය චරපුරුෂයකුවූ ක්‍රිස්‌ටෝපර් ස්‌ටිල්ගේ සහය ලබාගෙන තිබේ.

ඒ අනුව ඇමරිකානු ජනාධිපති තරගයට ඉදිරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ සබඳකම් පැවැත්වූ බවට මඩ වාර්තාව සකස්‌වී ඇත.

මේ මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව මෙහෙයවූ එම ප්‍රකට සමාගමට මුදල් ගෙවා ඇත්තේ හිලරි ක්‌ලින්ටන්ය.

එම සාවද්‍ය වාර්තාවෙන් ට්‍රම්ප්ට දැඩිලෙස අවමන් කර තිබුණි. මෙම වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමඟ ට්‍රම්ප් පැවසුවේ එය බොරු වාර්තාවක්‌ බවයි.

ඇමරිකානු එස්‌ බී අයි පොලිසිය පවා මේ බොරු වාර්තාව ගැන පරීක්‍ෂණ ආරම්භ කර තිබුණි.

හිලරි ක්‌ලින්ටන් සිදුකළ මෙම දීන ක්‍රියාව ගැන කරුණු දැක්‌වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ එෆ් බී අයි පොලිසිය එම වාර්තාව සකස්‌ කිරීමට මුදල් ගෙව්වේ කවුරුන්ද යන්න සෙවිය යුතු බවයි.

Comments

comments