කටාර්හි සේවවේ නියුතු ශ්‍රමිකයින්ට මුල්වරට අවම වැටුපක් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රමිකයින් සඳහා ප්‍රථම වරට අවම වැටුප් සීමාවක් හඳුන්වාදීමට කටාර් රාජ්‍යය පියවර ගෙන තිබේ.

ඒ එරට විදේශ රැකියා නියුක්තිකයින්ගේ අයිතිවාසිකම් ලෝකයේ අවධානයට ලක් ව ඇති අවස්ථාවකදී ය.

එලෙස කටාර් රාජ්‍යෙය් ශ්‍රමික අයිතිවාසිකම් පිළිබඳ ලෝකයේ අවධානය යොමුව ඇත්තේ 2022 වසරේ ලෝක පාපන්දු ශූරතාවලියේ අනුග්‍රාහකත්වයට කටාර් රාජ්‍යය සුදානම් වීමත් සමග වේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ කටාර් රාජ්‍යය අතර හමුවක් පැවැත්වීමට සූදනාමින් තිබියදී කටාරය මෙම නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ නිවේදනය කිරීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විදේශ සේවා නියුක්තිකයින් හිංසාවට ලක් කිරීමෙන් වලකින ලෙසට ජාත්‍යන්තර කම්කරු සංවිධානය කටාර් රාජ්‍යයට මීට පෙර ද අනතුරු ඇඟ වූ බවයි.

ජාත්‍යන්තර වෘත්තීය සංගම් කන්ෆෙඩරේෂනය ද, කටාර් රාජ්‍යයේ නව කම්කරු නීති සංශෝධන පිළිගෙන තිබේ.

එහි මහ ලේකම් ෂැරන් බරෝ ප්‍රකාශ කර සිටියේ, මෙම නව ප්‍රතිසංස්කරණ, නුතන වහල්භාවය අවසන් කිරීමේ ඇරඹුමක් වනු ඇති බවයි.

ලබන නොවැම්බර් මාසයට පෙර විදේශ සේවා නියුක්තිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ වර්ධනයක් පෙන්නුම් කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය, කටාර් රාජ්‍යයට මීට පෙර දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් මෙම නව නීති බලාත්මක වන දිනය පිළිබඳ මෙතෙක් හෙළි කර නොමැත.

කටාර් රාජ්‍යයේ විදෙස් ශ්‍රමිකයින් මිලියන 2කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් බහුතරයක් ආසියානු රටවල වැසියන් වේ.

Comments

comments