සයිටම් අහෝසි කරන ලෙස මාරාන්තික උපවාසයක්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්‌ඩුවට බල කරමින් ලබන මස 6 වැනිදා සිට මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කිරීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමවුපිය සංවිධානය තීරණය කර ඇත.

උපවාසය කොළඹදී පැවැත්වෙන අතර ස්‌ථානය පසුව ප්‍රසිද්ධ කරන බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිමල් කුමාරසිරි මහතා පැවැසීය.

උපවාසයට එක්‌වීමට දෙමවුපියෝ දෙසිය පනස්‌ දෙනකු පමණ සූදානමින් සිටින බවක්‌ හෙතෙම කීවේය.

වෛද්‍ය පීඨ අටේම ශිෂ්‍යයන් නියෝජනය කරමින් දිස්‌ත්‍රික්‌ක 18 ක දෙමවුපියෝ විශාල පිරිසක්‌ මෙම සංවිධානයට එක්‌ව සිටිති.

මේ අතර සයිටම් අහෝසි කරන්නැයි ඉල්ලා ලබන 29 වැනිදා නුගේගොඩදී සමුළුවක්‌ පැවැත්වීමටද එම සංවිධානය සැලසුම් කර ඇත.

Comments

comments