යහපලාන ආර්ථික ප්‍රතිපත්තිය සහ නාවික හමුදාව

පසුගියදා පැවති ගාලුකථිකාව සහ ඊට සහභාගී වූ නාවික කටයුතු පිළිබඳ විශේෂඥයින් කරනු ලැබූ අදහස ඉතාම වැදගත් වන්නා සේම ඒවා විෂයට සම්බන්ධ අයවලුන්ට පමණක් නොව, සමස්ථයක් ලෙස රටට එහිදී ඉදිරිපත් කෙරෙනු අදහස් ඉතාම වැදගත් වේ. නමුත් රටේ අවාසනාවට මෙන් එහිදී ඉදිරිපත් කෙරෙනු අදහස් අනෙකුත් සම්මන්ත්‍රණ සේම, මුද්‍රිත පිටපතක් බවට පමණක් පත්වී තිබේ. එය හැදෑරිය යුතුය. ජනතාව හමුවේ සන්නිවේදනය කළ යුත්තේය.

වත්මන් ආණ්ඩුවේ ඉතාම වැදගත් මෙන්ම සංවේදී කාරණය වන්නේ, ආර්ථික දර්ශනයයි. හවුලේ භුක්තිය අතිශය තීර්ණතාමක ලෙස වෙන් කරනු ලබන්නේ එම මූලික දැක්ම තුළිනි. අනෙකුත් රටවල දැකීමට නොහැකි මෙම දේශපාලන සහවාසය ඉතාම දුෂ්කර කටයුත්තක් වේ. එසේම, වර්තමාන ප්‍රවණතාවය හමුවේ බොහෝ දෙනෙකුට අවබෝධ වන මූලික කාරණය වන්නේ මෙම සහවාසය ගැන නිවැරදි සහ අවංක දැක්මක් මෙන්ම එය ජනතාවට දැනෙන ආකාරයෙන් එන්නත් කරවීම සඳහා වූ වැඩපිළිවෙලක් පාලක ආණ්ඩුවට නොමැති බවයි.

වගකීමෙන් තොර මෙන්ම යමෙකුගේ සිත්ත සන්තානය සතුටු කිරීම සඳහා සිදුකරනු ලබන ගුණ වැයීම් කිහිපයකට පමණක් සීමා වී ඇති ප්‍රචාරණ කටයුතු හේතුවෙන්, ජනතාව හමුවේ අර්ථ ගැන්විය හැකි කාරණා පවා වැළලී තිබේ. එ නිසා සාමන්‍යය ජනතාව හමුවේ ක්‍රමිකව අපකීර්තියට පත්වීමේ නැමියාවක් ආණ්ඩුව විසින් පේනවා දී තිබේ.

පාලක ආණ්ඩුවේ, ආර්ථික වැඩපිළිවෙල, දැක්ම 2025 සහ දැක්ම 2030 නමැති වැඩපිළිවෙල් වලින් මූලික වශයෙන් අරුත් ගැන්වීමට ආණ්ඩුව උත්සහ ගෙන තිබේ. ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැක්ම 2025 සම්බන්ධයෙන් වෙනස් ස්ථාවරයක සිටින බවක් පෙන්නුම් කරන අතර දැක්ම 2025 එතරම් සුපෝෂිත දැක්මක් නොවන බවට වූ හැඟීමක් මතු කරමින් සිටිති. ඒ වෙනුවට ඊට අවශ්‍යය මූලික අත්තිවාරම ලෙස දැක්ම 2030 එළිදක්වා තිබේ.

දැක්ම 2030 සටහන් කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ ජනාධිපති සම්බන්ධීකරාක ලේකම්වරයෙකු වන ශිරාල් ලක්තිලක මහතා, මා සමඟ ඉදිරිපත් කළ මූලික කාරණය වන්නේ, දැක්ම 2025 නමැති කෝච්චිය සඳහා වූ අතිරේක කොච්චි පෙට්ටියක් දැක්ම 2030න් එළිදැක්වීම තම අභිමතාර්ථය බව හෙතම සඳහන් කළේය.

කෙසේ වෙතත්, ආර්ථිකමය වශයෙන් වත්මන් ආණ්ඩුවට ඇති දැක්ම කුමක්ද යන්න අදටත් නොවිසිඳුන ගැටලුවක් බවට පත් වී තිබේ. එම මූලික ගැටලුව විසඳීමට අවශ්‍යය සාධනීය ප්‍රවේශය ආණ්ඩුව විසින් තවමත් පෙන්වා දී නොමැත. මේ අතර, ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සහ ලෝක බැකුව වැනි ජගත් දේශපාලනයේ විශාල බලපෑමක් සිදුකරන මූල්‍යය ආයතන අභිමුඛව වැතිරී ඇති දේශපාලන දර්ශණයන් සම්බන්ධයෙන් දක්වන විශාල සැලකිල්ලක් ආණ්ඩුවේ විසින් පේනවා තිබේ. මෙය එතරම් යහපත් දෙයක් නොවේ.

සමස්ථ චිත්‍රය විසින් පෙන්නුම් කරනු ලබන මූලික කාරණය වන්නේ, ඍජු දැක්මක් නොමැති කල සිදුවන අභාග්‍යය සම්පන්න දේශපාලන වින්නැහියට මුහුණ දීමට සිදුවීමේ අවාසනාවන්ත තත්වයයි.

ගාලු කථිකාව සහ නාවික හමුදාව විසින් නාවික කටයුතු සම්බන්ධ වැඩපිළිවෙල ගැන අවදානය යොමුකළ යුත්තේ මේ නිසාය. එසේම වත්මන් නාවික හමුදාපති වයිස් අදමිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් ඉදිරිපත් කොට ඇති නාවික දැක්මේ ඇති මූලික ක්‍රමෝපායික වැඩපිළිවෙලක් කියවීම ඉතාම වැදගත් කාරණයකි.

ත්‍රිවිධ හමුදා සම්බන්ධයෙන් වූ දැක්ම, මූලික වශයෙන් ස්ථාන ගත වී ඇත්තේ, යුද්ධ සහ ගැටුම් මූලික කර ගනිමිනි. මෙය 2009 න් පසු ප්‍රායෝගිකව වෙනස් වුවද, භූමියේ සිදුවිය යුතු මූලික කාරණා බොහෝමයක් පශ්චාත් භූමිකාව තුළ සිදු නොවුණි. අනෙකුත් ආරක්‍ෂක අංශ මෙන්ම නාවික හමුදාවද එහිදී මුහුණ දුන් තත්වය ඒක හා සමාන විය.

සන්නද්ධ අරගලයකට එරෙහිව යුධ වැදුණු හමුදාවක් පශ්චාත් යුධ තත්වයකදී කළමනාකරණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තිබුණු මූලික කටයුතු නිවැරදිව කියවීමට වත්මන් පරිපාලනය සමත් වූයේද යන්න ගැටලුවකි. එවැනි මූලික ව්‍යාකූලතාවයකට තල්ලු වූ විට සිදුවන මූලික කාරණය වන්නේ, අදාළ ආයතන ඉතාම දුර්වල වීම සහ ඒවායෙහි ජීවගුණය දියාරූ වීමය.

නායකත්වයට තම දර්ශනය සාර්ථක කර ගැනීමට සහ ජනතාව අතර කීර්තිය දිනා ගැනීමට අවශ්‍යය වන්නේ නම්, එය ඉතාම ප්‍රවේශමෙන් කළ යුත්තේ විෂය ගැන දන්නා සහ එය අපහරණය නොකර පිරිස් වලට අවශ්‍යය පහසුකම් සැපයීමය.

ආර්ථිකමය වශයෙන් ජයග්‍රහණය කිරීමට අවශ්‍යය වන්නේ නම්, රටට අයත් භූමි කොටස ගැන පමණක් සැලකිල්ලට ගනිමින් කටයුතු කළ නොහැකිය. එය රටේ භූමි ප්‍රමාණය මෙන් 27 ගුණයක් විශාල මුහුද ගැන අවදානය යොමු කරමින් එහි ඇති ආරක්ෂක සහ ආර්ථික වැදගත්කම සම්බන්ධයෙන් රාජ්‍යය ප්‍රතිපත්ති සකස් කළ යුතු වේ.

එහි මූලික වැඩපිළිවෙල වන්නේ, නාවික හමුදාව සහ ඊට ආයතනයක් ලෙස කළ සේවය මනාව අවබෝධ කර ගැනීම වේ. ග්‍රාම ශක්ති යනු ගම පිළිබඳ කාරණයක් නොවේ. එය රටේ අඩු ආදායම් ලාභී කොටස් කෙරෙහි මූලික අවධානය යොමු කරමින් ඔවුන්ගේ ජීවන ශක්තිය උසස් කිරීම පිළිබඳව වන බරපතළ අභියෝගයකි. රට මෙන්, 27 ගුණයක් විශාල මුහුදක් ඇති රටක එම මූලික ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කළ හැක්කේ එම විෂය ගැන දන්නා අයවලුන්ට අවශ්‍යය මූලික පරිසරය සකස් කිරීමෙනි.

එය කිරා මැනෙන මූලික සිදුවීමක් ලෙස වත්මන් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතාගේ සේවා දිගුව සඳහන් කළ හැකිය. දේශපාලන නායකත්වය සතු සම්මාසති දැක්ම සහ එය රටට යහපත් වන ආකාරයෙන් මුදුන් පමුණුවා ගැනීම සඳහා වූ ක්‍රමෝපායික වැඩපිළිවෙලෙහි ලිට්මස් පරීක්ෂාව ලෙස මෙම කාරණය හැඳින්වීමේ වරදක් නැත.

නාවික හමුදාපතිවරයාට භාරදෙනු ලැබුවේ බංකොලොත් වූ නාවික හමුදාවකි. ඔහු පළමු සති කිහිපය තුළ කරනු ලැබුවේ එම බංකොලොත්වබින් ගොඩ ඒම සඳහා යම් කිසි තිර වැඩපිළිවෙලක් සකස් කිරීමය. එහි පළමු පියවර් වූයේ, ඉන්දීය ධීවරයින් මෙරට මුහුදේ සිදුකරණ මත්සය සොරාකෑම නවතා දැමීය. එය මේ වන විට සිදු කොට තිබේ.

අවශ්‍යය වන්නේ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා ඔහුට අවස්ථාව සහ චිත්ත ධෛර්යය ලබා දීමය.

| නිලන්ත ඉලංගමුව

Comments

comments