දලයි ලාමා හමුවෙන ලෝක නායකයන්ට චිනයෙන් අනතුරු ඇගවිම්

ටිබෙටයේ අධ්‍යාත්මක නායක දලයි ලාමා හමු විමට උත්ස දරණ ලෝක නායකයන්ට චීන කොමියුනස්ට් පක්‍ෂ නායක ෂැං යීජොන්ග්            ( Zhang Yijiong) අනතුරු අගවා තිබේ. ෂැං සදහන් කරන්නේ දලයි ලාමා හමු විම චින ජනතාවට සිදු කරණ නිග්‍රහයක් වන බවයි.

කොමියුනිස්ට් පක්ෂයේ ටිබෙට් වැඩ බලන කන්ඩායමේ නායක ෂැං යීජොන්ග්, දලයි ලාමා හමුවිම සඳහා කිසිදු සමාවක් නොලැබෙන බව වාර්තාකරුවන්ට පවසා තිබේ. “අපගේ දැක්ම අනුව ඕනෑම රටක්, පුද්ගලයෙක් , හෝ සංවිධානයක් චින ජනතාවට සිදු කරණු ලබන බරපතලම වරදක් තමයි දලයි ලාමා හමු විමට යාම” යනුවෙන් ෂැං සදහන් කරයි.

82වයසැති දලයි ලාමා සහ නොබෙල් සාම ත්‍යාගය චීනයට අනුව භයානක බෙදුම්වාදින් වේ. 1959 වර්ෂයේ දි දලයි ලාමා ටිබෙටයෙන් පලායන්නේ චිනය විසින් ටිබටයේ ගෙන යන පාලනයට එරෙහිව ගැසූ කැරැල්ල පරාජය විමෙන් පසුවය.

ෂැං සදහන් කරන්නේ බුදුදහම පුරාණ චිනයේම උපත ලැබූ සම්ප්‍රධායක විශේෂ ආගමක් වන බවයි. එසේම එය පිටත සිට පැමිණියේ නැත යනුවෙන් සදහන් කරයි. ෂැං 2006- 2010 වසර තුළ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසද කටයුතු කර තිබේ.

ටිබෙටය චිනයේම කොටසක් බවත් එය චීනය සමග ශතවර්ෂ ගණනාවක් පුරාවට එකට තිබු බව චීනය අවදාරණය කරණු ලබයි. කෙසේ නමුත් දලයි ලාමා ප්‍රමුක ඇතැම් කණ්ඩායම් ටිබෙටය චීනයෙන් වෙන්ව යාම වෙනුවෙන් පෙනි සිටි.

http://pragativadi.com/wp-content/uploads/2017/04/dalai-lama.jpg

http://www.phayul.com/images/news/articles/080122061730EW.jpg

https://cdn.vox-cdn.com/thumbor/8fvZipqSXUY0E338dbVqNywrCfk=/0x0:800x533/1200x800/filters:focal(0x0:800x533)/cdn.vox-cdn.com/assets/4061309/Barack_Obama_and_the_Dalai_Lama_in_2014.jpg

 

(රොයිටර්/පීටීඅයි/ඉන්දියා ටුඩේ)

SLG

Comments

comments