ශ්‍රී ලංකාව 11 වැනි පරාජයත් ලබයි

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන්ද පාකිස්තානය කඩුලු හතක පහසු ජයක් ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය 4-0ක් ලෙස ඔවුන් පෙරමුණ ගත්තේය.

මෙම තරග පරාජය ශ්‍රී ලංකාව එක්දින පිටියේ ලැබූ අඛණ්ඩ 11 වැනි පරාජය වෙයි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ එක්දින පිටියේ ලැබූ දෙවැනි වැඩිම පරාජයන් ගණනද මෙය වෙයි. ඒ අනුව වත්මන් කණ්ඩායම මේ දක්වා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිටියේ අසාර්ථකම එක්දින කණ්ඩායමක් බවට පත්වෙමින් සිටියි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 173/10 (පන්දුවාර 43.4) රැස්කළේය. ළහිරු තිරිමාන්න අර්ධ ශතකයක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 39කදී කඩුලු 3ක් දැවී ලකුණු 177 රැස්කරමින් සිය ඉනිම අත්හිටුවීය.

Comments

comments