WB සහ IMF වාර්ෂික සමුළුව ඇමති මංගල අමතයි

සහශ්‍රක සංවර්ධන අරමුණු හා ඉලක්ක සමග රජයේ උපාය මාර්ග ගලපමින් ජගත් සංවිධානය ඇතුළු කණ්ඩායම් සමග අඛණ්ඩව කටයුතු කිරීමට සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉකුත් සිකුරාදා ලෝක බැංකුවේ සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ නූතන ආර්ථික සංවර්ධනයන් හා ඉදිරි කටයුතු පිළිබඳ මතුකර දැක් වූ අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථිකය අපේක්ෂිත මට්ටමට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කළද එය 2017 වර්ෂය වනවිට 4.5%ක වර්ධනයක් අපේක්ෂා කරන බවයි. දැනට ආර්ථිකය තුළ සිදුකෙරෙමින් පවතින පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හා ආයෝජක විශ්වාසය සමගින් 2020 වනවිට 7%ක ආර්ථික වර්ධනයකට හිමිකම් කියනු ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

2016 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල එලඹ ඇති ඇ.ඩො. බිලියන 1.5ක විස්තීරණ ණය පහසුකම් යටතේ වන වසර තුනක වැඩපිළිවෙළ මගින් මෙම ප්‍රතිසංස්කරණවල ආරම්භයන් සඳහා සහය සැලසේ. මෙම වැඩසටහන මගින් රටේ බාහිර හා මූල්‍ය තුලනය ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.

එමෙන්ම, ශීර්ෂ උද්ධමනය අපේක්ෂිත මට්ටම වන එක් ඉලක්කමක අගයට වැඩි අගයක් ගන්නා නමුත් මධ්‍ය උද්ධමනය අඩු වෙමින් පවතින බවද පෙන්වාදුන් අමාත්‍යවරයා, 2015 වසර අවසානයේ ගනු ලැබූ සීමාකාරී මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය ඇති වී තිබෙන බවද පවසා සිටියේය.

රජයේ ණය හිඟය සහ එක්රැස් කිරීම අඩුකිරීමේ අරමුණ ඇතිව ආදායම පාදක කරගත් ප්‍රතිපත්තියක් කෙරෙහි රජය දැක්වූ කැපවීම මෙම කැපීපෙනෙන වර්ධනයට හේතුව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2017 පළමු භාගය තුළ ශ්‍රී ලංකාවේ විදේශ අංශය මිශ්‍ර කාර්ය සාධනයක් වාර්තා කරනු ලැබූ බව හෙතෙම පවසා සිටියේය. එහිදී, 2017 සැප්තැම්බර් මාසය අවසන් වනවිට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 7.3 දක්වා වර්ධනය වූ අතර, එම අගය මාස 45ක ආනයනයන්ට සමාන බවද සඳහන් කළේය. වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියලේ අගය ඇ.ඩොලරයේ අගයට සාපේක්ෂව 2.2%ක ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇති නමුත්, හුවමාරු අනුපාතය නම්‍යශීලී සහ වෙළෙඳ පොළ ප්‍රවේශ අගයක් ගනු ඇති බවද පෙන්වා දුන්නේය.

ස්ථායීතාව වැඩිදියුණුවීම හා බැංකු අංශයේ වැඩි දියුණුවූ අවම ප්‍රාග්ධන සංචිත ප්‍රමාණය, ද්‍රවශීලතාව හා වත්කම් තත්ත්වය සමග 2017 පළමු භාගය තුළදී මූල්‍ය අංශය අඛණ්ඩව වර්ධනය වූ බවද අමාත්‍යවරයා පවසා සිටියේය. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පුළුල් සංවර්ධන ක්‍රමෝපාය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධන ක්ෂේත්‍රයන්හි ප්‍රතිලාභ මත තිරසාර සංවර්ධනය උදාවන බවයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ආකෘතිය අපනයන සහ ඍජු විදේශ ආයෝජනවල ප්‍රධාන අංග වන තාක්ෂණික දියුණුව හා නවෝත්පාදනය යටතේ පෞද්ගලික අංශය මගින් පාලනය වනු ඇතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම කාර්යයේදී භෞතික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අමතරව මානව ප්‍රාග්ධනය හා නිපුණතා වැඩි දියුණු කිරීමට, ගෝලීය වශයෙන් පිළිගත් නියාමන යාන්ත්‍රණ හා ආයෝජන ක්‍රියාමාර්ග ඇති කිරීම හා ඉහළ ආදායම් ලාභී රටක් බවට පත්වීම සඳහා ව්‍යාපාර, වෙළෙඳ හා ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශස්ත වාතාවරණයක් ඇති කිරීමට කැපවී සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහි රැස්ව සිටි සම්භාවනීය පිරිස අමතමින් මංගල සමරවීර මහතා තවදුරටත් අදහස් දක්වමින්,

“රට තුළ යහපත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සාක්ෂාත් කිරීමට අප විසින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හා විදේශීය විනිමය මෙහෙයුම් කළමනාකරණය සඳහා හොඳින් ව්‍යාප්ත වූ රාමුවක් හඳුන්වා දී තිබෙනවා.

රජයට අයත් ව්‍යවසායන්ද කාර්යක්ෂම කළමනාකරණයක් තහවුරු කිරීම හා මූල්‍ය ස්ථායීතාව ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතිනවා.

අප විසින් අඩු උද්ධමනයක් පවත්වා ගැනීම සාක්ෂාත් කරගැනීම සඳහා මධ්‍යකාලීන වශයෙන් නම්‍යශීලී උද්ධමනයක් ඉලක්ක කරගනිමින් කටයුතු කිරීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරනවා.

අපනයන පුළුල් කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාව බව සඳහන් කළ යුතුයි. ඊට අමතරව යුරෝපීය වෙළෙඳ පොළ සඳහා වැඩි ප්‍රවේශයක් ඇති කිරීම, ඉන්දියාව සමග පවත්නා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම තුළින් වෙළෙඳ පොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම, චීනය හා සිංගප්පූරුව සමග නව ආර්ථික හවුල්කාරී ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

මෙමගින් බිලියන 3කට වැඩි ජනතාවක් සඳහා වෙළෙඳ පොළ වඩාත් පහසු ප්‍රවේශයක් ඇතිවන අතරම, වෙළෙඳ/ආයෝජන සම්බන්ධතාව සඳහා පහසුකම් සැලසීම තුළත්, දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ව්‍යාපාර කිරීමේ පරිසරය වැඩිදියුණු කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) හා අදාළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිටිනවා.

මේ කාර්යයේ පුළුල් පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගෙන මෙරට අපනයන ඉලක්ක කරගත්, ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි ආර්ථික හා මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමයි.

රජය මගින් ගත් අඛණ්ඩ ප්‍රයත්නයන් හා සංවර්ධන හවුල්කරුවන්ගෙන් ලද සහාය නිසා ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධිත දර්ශකවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මූල්‍යමය සහාය ලබාදීම හා විශ්ලේෂණ හා උපදේශන සේවා සඳහා තාක්ෂණ සහාය ලබාදීම මගින් අඛණ්ඩව සහාය ලබාදීම පිළිබඳව ලෝක බැංකුවට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

2017 – 2020 සඳහා රටේ සහයෝගිතා රාමුව මගින් බැංකුවේ මූල්‍යයන කටයුතු සවිබල ගැන්වෙන අතර, එමගින් රටේ සංවර්ධන කාර්යයන් වැඩිදියුණු වන බව මාගේ විශ්වාසයයි.

රජය විසින් මනා ලෙස සංවිධානය වූ සංවර්ධන වැඩසටහනක් හරහා සැලකිය යුතු කලාපීය සංවර්ධනය හා ආදායම් විෂමතාව පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා උනන්දුවෙන් කටයුතු කරමින් සිටිනවා.

අපේක්ෂිත අරමුණු කරා ළඟාවීම සඳහා පසුගාමී ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම සෞඛ්‍යය, අධ්‍යාපනය හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික අවශ්‍යතා ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් නවීන මූල්‍යමය ක්‍රියාවලීන් හරහා සහනදායී මූල්‍ය සහායන් ලබාදීම වඩාත් අවශ්‍ය කෙරෙනවා.

මේවා සංහිඳියාව සමග වන සංවර්ධනයන් සඳහා අත්‍යවශ්‍ය වන අංග බව අප තරයේ විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව IDA 18 චක්‍රය තුළ IDA සංක්‍රාමී සහාය පහසුකම් යටතේ IDA හා IBRO ණය පහසුකම් සඳහා ප්‍රවේශවීමට හැකි %IDA යෝග්‍ය තත්ත්වයේ^ සිට ‘IBRO යෝග්‍යත්වය’ට සුදුසුකම් ලබා සිටිනවා.

විවිධ ආකාරයේ සහාය දැක්වීම් මගින් IDA සුදුසුකම් මගින් IDA මූල්‍යයනය තීව්‍රතාව අඩුවීම හරහා රටේ සංවර්ධන කෙරෙහි අයහපත් ප්‍රතිඵල ඇතිවීම වළක්වමින් සාර්ථක ලෙස හොඳින් සුදුසුකම් ලැබීම තහවුරු කරන අතරම, රටේ ගෙවුම් ශේෂය කෙරෙහි අනවශ්‍ය පීඩනයක් ඇති වීම වැළැක්වෙනවා.

ඉහත කරුණු අනුව වේගවත් ලෙස ණය ආපසු ගෙවීම තාවකාලිකව නැවැත්වීම පිළිබඳ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතරම, 2018 නොවැම්බර් මාසයේදී පවත්වන්නට නියමිත IDA 18 මධ්‍යකාලීන සමාලෝචනයේදී මේ තීරණය ස්ථිර කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඉතාම දුප්පත් හා ඉතාම කුඩා රටවල අයිතීන් සුරකින අතරම සංවර්ධනය වන රටවල හඬ නියෝජනය වැඩි දියුණ කරන සමඅයිතිවාසිකම් කරා යොමු වූ ලෝක බැංකුවේ වැඩසටහන පිළිබඳ අප බලා සිටිනවා.” යැයි පවසා සිටියේය.

Comments

comments