අපේ හැම නායකයාගේම උණ්ඩුකපුච්චය ෆෙඩරල්

පසුගිය දශක දෙකක කාලය තිස්සේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මාතෘකාව සාකච්ඡුාවට ගැනුණු සෑම අවස්ථාවකම දැඩි මතභේදයට තුඩුදුන් කාරණය වුණේ රාජ්‍යයේ ස්වභාවය කුමක් විය යුතු ද යන්නයි. දෙමළ අයට අවශ්‍ය කෙළේ ෆෙඩරල් මාදිලියේ රාජ්‍යයකි. සිංහල අයට අවශ්‍ය කෙළේ ඒකීය මාදිලියේ රාජ්‍යයකි. කෙසේ වෙතත්, වාර්ගික ප‍්‍රශ්නය ප‍්‍රචණ්ඩකාරී මාවතක් දිගේ ගමන් කොට දශක තුනකටත් වැඩි කාලයක් ගතව ඇති අද පවා සිංහල සේම දෙමළ ප‍්‍රජාවත් තවම රණ්ඩු කරගන්නේ ෆෙඩරල්වාදය, ඒකීය භාවය සහ ස්වයං-නිර්ණ අයිතිය වැනි වචන ගැන ය.

‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාව’ යටතේ පිහිටුවා ගත් ‘මෙහෙයුම් කමිටුව’, එහි සභාපතිවරයා වන අගමැති රනිල් වික‍්‍රමසිංහ මගින් පසුගිය සැප්තැම්බර් 21 වැනි දා ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාව’ වෙත ඉදිරිපත් කරන ලද ‘අතුරු වාර්තාව’ හරහා රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ එකී කෝන්තරය නැවත වතාවක් දේශපාලන ක්ෂේත‍්‍රය තුළ සහ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ කරලියට පැමිණ ඇත.

මෙවරත්, දැනට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒකීය භාවය එක දිගටම පවත්වා ගත යුතු යැයි සියලූම සිංහල ජාතිකවාදීන් උදක්ම ඉල්ලා සිටින අතරේ, දැඩි සිංහල ජාතිකවාදියෙකු වන ගුණදාස අමරසේකර පසුගිය දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළ කරන ලද ලිපියක් හරහා වෙනත් අදහසක් ඉදිරිපත් කොට තිබේ. එම ලිපියේ සාරය වන්නේ, සියලූ සිංහල ජාතිකවාදීන් දැනට පවතින ඒකීය භාවයක් ආරක්ෂා කරගත යුතු යැයි කියතත්, ඇත්තෙන්ම දැනටමත් අපට ඇත්තේ ෆෙඩරල් ක‍්‍රමයක් බව පෙන්වා දීමයි. ඔහුට අනුව, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ ව්‍යවස්ථාව ෆෙඩරල් වී ඇත. එබැවින් ඒකීය ක‍්‍රමයක් ඇති කර ගැනීම සඳහා එකී 13 වැනි ව්‍යවස්ථාව අහෝසි කළ යුතු බව ඔහු කියා සිටී.

කෙසේ වෙතත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තියෙන් මෙසේ කියැවෙයි: ‘‘ශ‍්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි’’. එහෙත්, ප‍්‍රාදේශීය නීතිරිති සහ අණපනත් පැනවීමේ බලයෙන් යුත් පළාත් සභා පිහිටුවීම සඳහා 1987 දී ඇති කර ගත් ඉන්දු-ලංකා ගිවිසුම යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපේ ව්‍යවස්ථාවට හඳුන්වා දීමේදී ඉහත කී වගන්තිය වෙනස් කෙරුණේ නැත. දැනටමත් ශ‍්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් ය යන තමාගේ මතය සනාථ කිරීම සඳහා අමරසේකර, ආචාර්ය ශිරානී බණ්ඩාරනායක එදා පළ කළ අදහසක් උපුටා දක්වයි. එම අදහස ඇය පළ කෙළේ, 13 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එදා (1987* ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද විනිශ්චයට අදාළව ය. (පසුව ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරිය බවට පත්වූ ආචාර්ය ශිරානී බණ්ඩාරනායක, 2013 දී රාජපක්ෂ ආණ්ඩුව මගින් ගෙන එන ලද දෝෂාභියෝගයක් හරහා තනතුරෙන් ඉවත් කරන ලදි*.

ඇය එදා මෙසේ කියා තිබේ: ‘‘154 ජී (බී* වගන්තිය පැහැදිළිව පෙන්නුම් කරන පරිදි, පළාත් සභා ලැයිස්තුවේ කාරණයකට අදාළව රටේ පවතින නීතිය සහ පළාත් සභාවක් විසින් ඇති කර ගන්නා අණපනතක් අතර ගැටුමක් ඇති වන අවස්ථාවකදී, එම පළාත් සභාවේ පනත බලාත්මකව තිබෙන තාක් රටේ නීතිය බල රහිත වන්නේය. තවද, 13 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදන, ශී‍්‍ර ලංකාව ඒකීය රාජ්‍යයක් යැයි කියන 1978 ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තියට පටහැනි වන බවටත් කෙනෙකුට තර්ක කළ හැකිය. එසේම, පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගන්නා නීතිරීති හා සමානවම තමන්ගේ අණපනත් පනවා ගැනීමේ බලතල පළාත් සභාවට තිබීමත්, පාර්ලිමේන්තුව පනවා ගත් නීතිරීති එවැනි පළාත් සභා අණපනත් මගින් බල රහිත කිරීමට ඊට ඇති හැකියාවත් නිසා, ලංකාවේ රාජ්‍යය ෆෙඩරල් ස්වභාවයක් ගෙන ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය.’’

සැලකිය යුතු කාරණය වන්නේ, මේ කියන ‘පාර්ලිමේන්තුවේ නීතිරිති බල රහිත කිරීමට පළාත් සභාවලට ඇති බලයම’ ඇයව අගවිනිසුරු ධුරයෙන් පහ කර දැමීමටත් පසු කලෙක දායක වී තිබීමයි. උත්ප‍්‍රාසාත්මක වන්නේ, එදා පළාත් සභා බලයට එරෙහිව අදහස් දැක්වූ ඇය මේ අවස්ථාවේ එම බලය සඳහා පෙනී සිටීමයි. 2012 දී ‘දිවි නැගුම පනත’ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් ඉල්ලා සිටි අවස්ථාවේ එම පනත සියලූ පළාත් සභාවලින් සම්මත විය යුතු බවට ඇගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණය තීන්දු කෙළේය. ඒ වන විටමත්, ආණ්ඩුව සහ ඇය අතර යම් විරසකයක් ඇතිව තිබූ තත්වය තුළ, මේ විනිශ්චය ආණ්ඩුවට එරෙහි ක‍්‍රියාවක් වශයෙන් ගත් එදා පාලකයෝ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කළහ.

ගුණදාස අමරසේකර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශිෂ්ටයෙකු සේ ගැනෙන එච්. එල්. ද සිල්වාගේ මතයක් ගෙනහැර පායි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කර ගැනීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ පවතින රාජ්‍යයේ ස්වභාවය, ‘ඉන්දියාවේ පවතින ෆෙඩරල් ක‍්‍රමයෙන් බරපතල වෙනසක් නොපෙන්වන බව’ එච්. එල්. ද සිල්වා කියා තිබේ.

මේ තර්කයම වඩාත් කදිමට ඉදිරිපත් කොට ඇති තවත් කෙනෙකු වන්නේ, මහාචාර්ය ක‍්‍රිස්ටෝපර් වීරමන්ත‍්‍රී ය. පසු කලෙක, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ වීරමන්ත‍්‍රී, බලය පරිවාරයට බෙදා හැරීමෙන් පසු එකී පරිවාරයන්ට අයත් විෂයයන් සම්බන්ධයෙන් අණපනත් පැනවීමේ බලය එම පරිවාර ආයතනවලට ලැබෙන බවට, 1986 දී ඉදිරිපත් කළ වාර්තාවක් හරහා තර්ක කොට තිබේ. ඔහුගේ අර්ථකථනය වන්නේ, යම් රටක එක ව්‍යවස්ථාදායකයක් පමණක් ඇති විට එය ඒකීය රාජ්‍යයක් වන බවත්, ව්‍යවස්ථාදායකයන් එකකට වඩා ඇති විට එය ෆෙඩරල් රාජ්‍යයක් වන බවත් ය.

ඔහු මේ ප‍්‍රකාශය කරන අවධියේ යෝජිත පළාත් සභාවලට දීමට නියමිතව තිබූ බලතලවලට සමාන බලතල මැලේසියාවේ ප‍්‍රාන්ත පාලනයන්ට හිමි නොවුණත්, මැලේසියාව සැළකෙනුයේ ෆෙඩරල් රාජ්‍යයක් වශයෙන් වන බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ කරුණුවලින් ගම්‍ය වන්නේ, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ‍්‍රී ලංකා රාජ්‍යය ඒකීය රාජ්‍යයක් වශයෙන් සැළකුව ද, ප‍්‍රායෝගිකව ගත් විට එය එසේ නොවන බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ සහ වෙනත් විපක්ෂ බලවේග මුලින්ම පළාත් සභා ඇති කරන අවස්ථාවේ ඊට විරෝධය පෑවේ ඒ පදනම මත ය. කෙසේ වෙතත්, යෝජිත අලූත් ව්‍යවස්ථාව තුළ ඒකීය භාවය එසේම තබා ගත යුතු බවට ඔවුන් අද ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කළ පළාත් සභා එසේම තිබියදී පවා ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට ඔවුන් අද වන විට එකඟ වී ඇති බවයි.

ඒ හැරුණු කොට, ලංකාවේ සෑම පක්ෂයක්ම හෝ පක්ෂවල නායකයෙකුම පාහේ, අඩු වශයෙන් ඔවුන්ගේ ඉතිහාසයේ එක වරකදීවත්, ෆෙඩරල් ක‍්‍රමයක් සඳහා සහයෝගයක් දක්වා තිබේ. එහෙත් වෙනත් අය එසේ කරන විට ඔවුන්ව දේශද්‍රෝහීන් වශයෙන් හංවඩු ගසන්නේත් ඔවුන්මයි. තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක සුළු ජාතීන් වෙනුවෙන් ස්වයං-පාලනයක් යෝජනා කළ ප‍්‍රථම පක්ෂය සමහර විට ජනතා විමුක්ති පෙරමුණ විය හැකිය. 1977 දී ප‍්‍රකාශයට පත් ඔවුන්ගේ පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ඒ බව සඳහන් වෙයි. තමන්ගේ නිල ප‍්‍රතිපත්ති ලියවිල්ල වශයෙන් ඔවුන් තවමත් පිළිගන්නේ එම ප‍්‍රකාශනයයි. විමල් වීරවංශ සහ ඔහුගේ වර්තමාන දේශ හිතෛෂී සගයන් කිසි දවසක ඒ ලියවිල්ල විවේචනය කොට නැත.

ඒකීය රාජ්‍යය යන්න අපේ ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවට මුලින්ම යෝජනා කළ ආණ්ඩුව වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය යටතේ පැවති ආණ්ඩුවයි. 1995 දී ව්‍යවස්ථා සංශෝධන සඳහා ඇගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ‘පැකේජය’ තුළ, ශ‍්‍රී ලංකා රාජ්‍යය හැඳින්වූයේ ‘පළාත්වල සන්ධානයක්’ වශයෙනි. අපූරු කාරණය වන්නේ, එම ප‍්‍රකාශනය එදා සකස් කෙළේ, ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයෙකු වූ, ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ’ එදා නායකයා වූ ආචාර්ය නීලන් තිරුචෙල්වම් සමග, එදා ව්‍යවස්ථා කටයුතු භාර ඇමතිවරයා වශයෙන් සිටි මහාචාර්ය ජී. ඇල්. පීරිස් විසින් වීමයි.

එම ආණ්ඩුවම නැවතත් 2000 දී අලූත් ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කෙළේය. බලතල බෙදා හැරීම මත පදනම් වූ එය, උතුරු සහ නැගෙනහිර පළාත් තාවකාලිකව ඒකාබද්ධ කිරීමටත් යෝජනා කෙළේය. එම කෙටුම්පත සකස් කෙළේ ද වෙන කිසිවෙකු නොව, මහාචාර්ය ජී. ඇල්. පීරිස්මයි. දිනේෂ් ගුණවර්ධන ඇතුළු අද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එදා එම යෝජිත ව්‍යවස්ථාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීමට නියමිතව සිටියහ.

එදා එම ව්‍යවස්ථා ලියවිල්ලේ පිටපත් පාර්ලිමේන්තුව තුළදීම පුළුස්සා දැමූ එක්සත් ජාතික පක්ෂය, 2002 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයේ නෝර්වේ රටේ අගනුවර වන ඔස්ලෝ හිදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවති තුන්වැනි සාම සාකච්ඡුා වටයේදී ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ෆෙඩරල් ක‍්‍රමයක් තුළින් සොයා බැලීමේ සූදානමක සිටියේය. එක්සත් ජාතික පක්ෂය මෙන් නොව, චන්ද්‍රිකා බණ්ඩාරනායක එදා එම ප‍්‍රයත්නයට සහයෝගය දුන්නාය. එල්.ටී.ටී.ඊ, සංවිධානය සමග පැවැත්වූ ඒ සාකච්ඡුාවේදීත් ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ මහාචාර්ය ජී. ඇල්. පීරිස්මයි.

එසේ නම්, ෆෙඩරල් ක‍්‍රමය, කිසි නායකයෙකුට හෝ කිසි දේශපාලන පක්ෂයකට තිත්ත කෂායක් විය හැක්කේ කෙසේද?

| එම්. එස්. එම්. අයුබ්

(පරිවර්තනය යහපාලනයලංකා)

Comments

comments