ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය රැවටිල්ලක්ද.? ලංකාවේ පොත් කියවිම කොහොමද ..?

කොළඹ ජාත්‍යන්ත පොත් ප්‍රදර්ශනය මේ වසරේ දීත් ඉතා සාර්ථක ලෙස අවසන් වූ බව මාධ්‍ය වර්තා කර තිබුණි. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ මෙරට සිටින සිළුම ප්‍රකාශන ආයතන එක්ව පොත් ප්‍රදර්ශනය සංවිධානය කරණු ලබයි. සත්‍ය ලෙසම ලංකාවේ පොත් කියවිම පිළිබද ඇති හොදම තොරතුරු සම්පාදකයා අගනගරයේ ඇති මහජන පුස්තකාලය වේ. ලංකාවේ අනික් බොහෝ නගර ගම් වලට වඩා බහුලව පොත පත ඇසුරු කරණ ජන ඝනත්වයක් මහා නගර සිමාව තුළ හදුනා ගත හැක.

කොළඹ මහජන පුස්තකාලය ඉතා දීර්ග ඉතිහාසයක් ඇති ආයතනයකි. කොළඹ මහජන පුස්තකාලය ආරම්බය 1925 සටහන් වුවද එහි ආරම්බයේ කතාව 1813 තරම් ඇතට විහිද යයි. කෙසේ නමුත් අද කොළඹ මහජන පුස්තකාලය සාඩම්බර ගමනක නියැලී සිටි. කෙසේ නමුත් එහි නුතන තාක්‍ෂණය හා බද්ද විම යම් ප්‍රමාදයක තිබුනද සේවය ලබා ගන්නා පාඨකයාට පුළුල් සේවාවන් රැසක් ලබා දේ. වත්මන් පුස්තකාලාධිපතිතුමිය සමග ලංකා ගාර්ඩියන් සංවාදයකට එලබුනේ වත්මන් පුස්ත්කලයයේ තත්වය සහ අගනරයේ මෙන්ම රටේ ඇති ප්‍රධාන පුස්තකාලය මහජනතාවට කියවිම හුරු කර විමට ගෙන යන වැඩ පිලිවල පිළිබද සාකච්ඡාවටයි.

මට කොළඹ මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපති තනතුර ලැබිලා වසර 05ක් පමණ වෙනවා. විශේෂයෙන් අපි කියවිම හුරු කරවිමට අපිට හැකි උපරිමයෙන් අපේ මානව සම්පත යොදවනවා. අපේ එක් වැඩ පිළිවලක් තමයි ජංගම සේවය. එහිදී අපි කරන්නේ කොළඹට අස්සන කියවීමට කැමත්ත ඇති නමුත් පොත්පත් සොයා ගැනිමට අපහසු පාඨයන් සමිපයට අපේ ජංගම පුස්තකාලය යවනවා. එහි පොත් විශාල ප්‍රමාණයක් තියනවා. එහි අපි ඕනෑම කෙනෙක්ට පොත් කියවිමට සහ පොත් කියවා නැවත අප වෙත ලබා දිමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා යැයි කොළඹ මහජන පුස්තකාලාධිපතිතුමිය වන වරුණි ගඟබඩආරච්චි මහත්මිය සදහන් කලාය.

අපි ඇයගෙන් විමසා සිටියේ නුතන තාක්‍ෂණික මෙවලම් සමග ඇති තරුණ පරපුර තුළ කියවිම පිළිබද රුචියක් ඇතිබවට සංඛ්‍යා දක්ත තිබෙනවාද යන්නයි. ඔව් විශාල ප්‍රගතියක් නැති වුනත් යම් ප්‍රමාණයක වර්ධනයක් පැහැදිලිවම තිබෙනවා යනුවෙන් ඇය සදහන් කරයි. පහතින් පෙන්වන්නේ වසර 2010 සිට පසුගිය 2016 වසර දක්වා මහජන පුස්තකාලය පාඨකයන්ට පොත් බැහැරට ගෙනයාමද ඇතුළුව පුස්තකාල පහසුකම් ලබා ගැනිමට නිකුත් කල සාමාජික සංඛ්‍යාවේ සහනකි. ඒ අනුව කියවිමට නැත්නම් පුස්තකාල පහසුකම් ලබා ගැනිමේ යම් ප්‍රමාණයක වැඩි විමක් හදුනා ගත හැක.

කොළඹ මහජන පුස්තකාලය තුළ පාඨකයාට අන්තර්ජාල පහසුකම් සහ කොරියානු භාෂා හැදෑරීමේ පහසුකම් ලබා දුන්නද එහි බොහෝ අඩු පාඩු හදුනා ගත හැක. විශේෂයෙන් එහි ලෝකයේ අනෙක් රටවල ඇති නවින e libarry වැනි ක්‍රම වේද, අනික් රටවල් සමග ඇති පුස්තකාල සමග දැනුම පොත්පත් හුවමාරු කර ගැනීම හදුනා ගත නොහැක. විශේෂයෙන් ලංකවේ අනෙක් ප්‍රධාන පුස්තකාල හා සම්බන්දව තොරතුරු හුවමාරු කර ගැනිමේ තාක්‍ෂණික ක්‍රමවේදයක් හදුනා ගැනිමට නොහැක.

අපි ගඟබඩආරච්චි මහත්මියගෙන් පොත් ප්‍රදර්ශනය පිළිබද මොකක්ද ඔබේ මතය යන්න විමසු විට ඇය සදහන් කලේ එය ඉතාම වැදගත් සේම නව ලේඛකයන්ට  ඉතාම හොද අවස්ථාවක් බවයි. එසේම ඇය සදහන් කලේ ප්‍රදාන පොත් ප්‍රකාශකයන් විසින් සුප්‍රසිද්ද ලේඛකයන්ට වගේම නවක  ලේඛකයන්ටත්  තම නිර්මාණ එළි  දැක්විමට අවස්ථාව ලබා දිය යුතු බවයි.

සටහන සමන් සඳරුවන්

ශ්‍රී ලංකා ගාඩියන්

Comments

comments