නාමල්ගෙන් යෝශිතගේ පෙම්වතියගේ ශරීර අංගයක් පිලිබඳ අසභ්‍ය වර්ණනාවක්

පසුගිය දිනක කොළඹ හත විජේරාම පාරේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ දියණියක වන යොහානා රත්වත්තේ මෙනෙවියගේ ශරීර අංගයක හැඩය පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා විසින් සිය සමීපතම මිතුරන් පිරිසක් සමඟ කියු ඇනුම් පදයකට ඔහුගේ බාල සොහොයුරා වන රෝහිත රාජපක්ෂ මහතා  විසින් සිය විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

නාමල්  මන්ත්‍රීවරයා විසින් hey, look at her big  #$@^% (අසභ්‍ය වචනය කපා හරින ලදි) යනුවෙන් කල ප්‍රකාශයට ඔහු මෙලෙස සිය විරෝධතාවය දක්වා ඇත. කෙසේ වුවද ඔහුගේ මෙම ඇනුම්පදය යෝෂිතගේ පෙම්වතියට ඇසී නැති නමුත් ඒ මොහෝතේ එතන සිටි නාමල්ගේ මිත්‍රයින් පිරිසක් එම කතාවට මහ හඬින් සිනා සී තිබේ

ඒ සිටින්නේ ඔහුගේ සහෝදරයෙකුගේ අනාගත බිරිඳ බවත් එසේ නොහොබිනා ඇනුම් පද කීම උචිත නොවන බවත් රෝහිත සිය වැඩිමහල් අයියාට ප්‍රකාශ කර තිබේ. නැවත වරක් එසේ නොකරන ලෙසද ඔහු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දැඩිව අවවාද කර ඇත.

රෝහිත රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ සිටින පුද්ගලයින් අතුරින් ස්ත්‍රීන්ගේ ගෞරවය ගැන සැලකිලිමත්වන එකම පුද්ගලයා වන අතර ඔහු සිය පියාගේ ජනාධිපතිවරණ ධූරකාලය තුලදීද සම්බන්ධතා පැවැත්වූයේ එක් යුවතියක් සමඟ පමණි. ඔහු හා සැසදීමේදී නාමල් සහ යෝශිත දැඩි ස්ත්‍රී ලෝලීන් වන අතර තරුණ ගැහැනු දරුවන් රැසකගේම ජීවිත කොටුව ජනාධිපති මන්දිරයේදීම විනාශ කර දැමීමට සමත් විය.

උපුටා ගැනීම : mahajanathawa

Comments

comments