බීච් බෝයි කෙනෙක් විදේශිකයෙකු රවටා සීනිගම දේවාලයත් විකුණයි

 ලංකා ඊ වොයිස් පෙරවදන
” ලංකා ඊ වොයිස් හී බීච් බෝයිස් ස්ටොරීස් තීරුවෙන් ගෙන එනූ ලබන ලිපි වලට දායක වීමට ඔබටත් හැකිය. ඔබ දන්නා එවන් බීච් බෝයිස් කතා ඇත්නම් අපට ලබා දෙන්න . මේ වන විටද මෙවන් සිද්ධීන් කීපයක් අප වෙත වාර්ථා වී තිබෙන අතර ඒ පිලිබදව පසු විපරම් සහ තවත් තොරතුරු ගොනු කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. අවම සම්පත් දායකත්වයක් මගින් පවත්වා ගෙන යනු ලබන ඊ වොයිස් වෙබ් අඩවිය පසු විපරම් කටයුතු කෙරෙනුයේද තරමක මන්දගාමීවය. ඔබ විසින් ලබා දුන් ලිපි පල කිරීමට ප්‍රමාදයන් සිදු විය හැකිය . අප ඔබගේ රහස්‍ය භාවය මාධ්‍ය වගකීමකටත් වඩා ඉහලින් ආරක්ෂා කරනුයේ ඔබ විසින් අප කෙරෙහි තැබූ විස්වාසයට ගරුකිරීමකට වඩා එහා ගිය වගකීමක් බව සලකන නිසාය .
ඔබ විසින් ලංකා ඊ වොයිස් වෙත ලබා දී ඇති ඇතැම් පුද්ගල පිංතූරයන් අප දිවි පරදු කොට ආරක්ෂා කොට තබනුයේ මෙම පිලි මගින් යම් කෙනෙකු අගතියට පත් වූවා යැයි කියා නීතිමය කටයුතු කිරීමට ඇති අවකාශයක් තුල මතු ප්‍රයෝජනය උදෙසා බව සදහන් කරනු කැමැත්තෙමි. එම පිංතූරයන් අප මෙහි පල නොකරනුයේ මාධ්‍ය සදාචාරයට අප ගරු කරන නිසාවෙනි , එම ආචාර ධර්මයන් අප පිලිපදින නිසාවෙනි.
එහෙත් මුදලට ගිජු වී තම ආත්මය පාවා දෙන මෙවන් අතලොස්සක් වූ ඝණිකාවන් නිසා වෙන් මෙතක් කලක් අඩු පාඩු මත හෝ ලෝකය පුරා වෙසෙන අනෙක් ශ්‍රී ලාංකික ජනයා පිළිබිඹු කරන ඒ ආගමික හෝ සංස්කෘතික සරළ දිවි පෙවතට හානි ගෙන එන්නේය. ලෝකයේ අනෙක් ජනයා වෙතින් සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාව කෙරෙහි අපකීර්තියක් ගොඩ නගන්නේය.
මුදල් පසු පස හබා යන මෙවන් ඝණිකාවන් ලෝකය පුරා විවිධ වේෂයන්ගෙන් දිවි ගෙවන්නේය. අප අතර ඔබ මොබ සැරි සරන්නේය
වෙනත් රටවල වෙසෙන හුදෙකලා ශ්‍රී ලාංකිකයන් මෙම ඝණිකාවන්ගේ ප්‍රධාන ගොදුර වන්නේය පළමුව ඔවුන්ට උදව් කරන මුවාවෙන් ඔවුන් වෙත සමීප වන්නේය. ඉන් පසුව ඔවුන්ගේ සිත් දිනා ගැනීමට ඔවුන්ට සහජ හැකියාවක් පවතින්නේය. ඒ ඔවුන් විධිමත් අධ්‍යාපනයක් නොලබා වෙරළ තීරයේ එක් එක් රටවලින් පැමිණෙන සංචාරකයින්ගේ මන දොල සැපිරීම උදෙසා මුදලට තම ආත්මය පාවා දෙන නිසාවෙනි ඉන් පසුව ඔවුන් ඉගෙන ගන්නේ කෙසේ හෝ සල්ලි හම්බ කිරීමටය
ඔවුන්ගේ පෞර්ෂය ගොඩ නැගී ඇත්තේම, ඉගෙන ගෙන ඇත්තේම අනෙකා රැවැට්ටීම උදෙසාය.
මේ ගති ගුන ඇත්තන්ට කිසිදු සචාචාරයක් නොමැති උවද බොහෝමයක් රටවල වෙසෙන බොහෝමයක් ශ්‍රී ලාංකිකයින් සදාචාරාත්මකව දිවි ගෙවති මේ අවිචාරවත් නරුම ඝණිකාවන් අතලොස්ස හානි කරන්නේ ඒ සදාචාරාත්මක මිනිසුන්ගේ පෞර්ෂයට බව ලංකා ඊ වොයිස් ඔබට අවධරණය කොට සිටින්නෙමු
ඔබ වෙන රටක වෙසෙන්නේ නම් මේ මිතුරු වෙසින් පැමිණෙන ඝණිකාවන් පිලිබදව හොදින් සොයා බලන්න ඔබගේ පවුලේ උදවිය, හිතවතුන් මෙවන් ඝණිකාවන්ට හදුන්වා දීමෙන් වලකින්න , ඔබගේ කිසිදු උත්සව කටයුත්තක් උදෙසා ඔවුන්ට ආරාධනා කිරීමෙන් වලකින්න
ඔබගේ සබදතාවය මග තොටේදී හමු උව හොත් , දැක්කොත් පමණක් ” හලෝ , කොහොමද ? හොදින් ඉන්නවාදැයි යනුවට පමණක් පවත්වන්න. මන්ද යත් මෙම මුදලට ගිජු වූ ඝණිකා වෘත්තියේ යෙදෙන්නන්ට කිසිදු සදාචාරයක් නැමැති බැවිනි. ඔවුන් ඔබගේ මව , බිරිද , දරුවන් , ඥාතීන් , හිතවතුන් කෙලෙසා වින්දනයක් ලැබීමට තරම් පහත් අවිචාරවත් , සදාචාර විරෝධී දිවි පෙවතක් උපන්දා සිට පවත්වා ගෙන එන බැවිනි. ඔවුන්ගේ ඒ අවිචාරවත් දිවිය ඔබට වෙනස් කිරීමට නොහැකි බැවිනි. ඔවුන් ඔබට විනශය හැර වෙන කිසිවක් අත් පත් කර නොදෙන බැවිනි.
මෙවන් ඝණිකා වෘත්තියේ යෙදෙන්නන් පහසුවෙන් හදුනා ගැනීම උදෙසා අප නිරීක්ෂණය කල තොරතුරු කීපයක් මෙලෙස සමාජ ගත කිරීමට කැමැත්තෙමු . මෙවන් නිරීක්ෂණයන් ඔබ සතු නම් ඒවා සමාජගත කිරීම ඔබගේ වගකීමක් කොට සලකන්න
ඔබ හොදින් නිරීක්ෂණය කොට බලන්න
ඔවුන් නිතරම තම ජංගම දුරකතනය ඔබ ඔබා සිටින්නේය
ඔබ ඔහුගේ සමාජ ජාල සබදතාවයන් දෙස බලන්න බොහෝ සමාජ ජාලයන් හී ගැවසෙන්නේය
මෙවන් ඝණිකා වෘත්තියේ නියැලෙන්නන්ට තම මව් බස හැසිර වීමට නොහැකි උවද විදෙස් භාෂාවන් කීපයක් හැසිර වීමට , සංනිවේදනය කිරීමට හැකිය
මුහුණු පොත මිතුරු ලයිස්තුවේ එවන් අයෙකු සිටින්නේ නම් ඔහුගේ මුහුණු පොත බිත්තිය තුල අලවා ඇත්තේ ඔහු ආගමික භක්තිකයෙකු බව හැගවෙන තොරතුරුය , පිංතූරයන්ය පරාර්ථකාමිකයෙකු බව හැග වීමට පල කරනු ලබන පෝස්ටුය, අදහස්ය , පිංතූරයන්ය , වීඩියෝවන්ය
තමා ඉහල සමාජ තත්වයකින් දිවි ගෙවන බව හගවන අදහස්ය , ගෙදර උයන පිහින ලද දෑය , කන බොන දෑය, ඔහු සතු ගේ දොර ඉඩ කඩම්ය
තමා කිසිවිටෙක මුල අමතක නොකරන්නෙමු බව අවධාරණය කරන ප්‍රකාශයන්ය.
එවන් ඝණිකා වෘත්තිකයින් තම ක්‍රිඩා ශීලීත්වය සහ ශරීර මස් පිඩු පෙන්වීම උදෙසා පල කරනු ලබන විවිධ මානයන්ගෙන් යුතු Jආයා රූපයන්ය
ඔබට ඔවුන්ව ඉතාමත් පහසුවෙන් හදුනා ගැනීමට ඉතා කෙටි කලක් තුල උපයන ලද මිලියන ගණනක වටිනා කමෙන් යුතු භාණ්ඩ සහ දේපොළ ප්‍රදර්ශණය කිරීමට ඔවුන් මහත් රුචිකමක් දක්වන්නේය එකී මෙකී නොකී සියළු අභිප්‍රායන් තුලින් පිලිබිඹු කෙරෙන පෞර්ෂ විග්‍රහයට මෙය අවස්ථාවක් නොවන බව ලංකා ඊ වොයිස් හී අදහසයි
අපගේ අභිප්‍රාය වන්නේ මෙවන් ඝණිකා වෘත්තියේ යෙදෙන්නන් පිළිබදව ලංකා ඊවොයිස් ල්බැදි සුවහසක් පාඨක ඔබගේ දැණුවත් භාවය පුළුල් කිරීමයි
ලංකා ඊ වොයිස් හී සමාජ වගකීම එයයි මෙවන් සිද්ධී හුදෙක් තවත් එක් සිද්ධියක් සේ සලකා කටයුතු නොකර ඔබගේ දැණුවත්භාවය පුළුල් කර ගනිමින් තම වගකීම් ඉටු කරන ලෙස අප ඉතා වගකීමෙන් යුතුව ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු  ” 
පෙර වදන අවසන්
හිරු අවරට ගොස්‌ තිබුණේය. හතර වටින්ම අඳුර ගලා එන්නට විය. හික්‌කඩුව වෙරළ තීරයේ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් විශාල පිරිසක්‌ ඒ මේ අත ඇවිදිමින් එහි සුන්දරත්වය පහස විඳිමින් සිටියහ. මේ අතර කෙසඟ සිරුරකින් යුත් තරුණයකු වැල්ලේ වාඩි වී මුහුද දෙස බලාගත් අත බලාගෙන සිටියේය. වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් වෙරළ තීරය දිගේ ඇවිද යමින් සිටි ජර්මන් ජාතිකයකු මෙම තරුණයාගේ ඉරියව්ව දෙස ඕනෑකමින් බලාගෙන සිටියේය. දෙවැනි දිනයේ ද මෙකී ජර්මන් ජාතිකයා හික්‌කඩුව වෙරළ තීරයේ පහස විඳ දරාගැනීමට වෙරළ තීරයට පැමිණ සිටියේය. පෙර කී අර තරුණයා එදිනද වැල්ලේ වාඩි වි ඈත දියඹ දෙස බලාගෙන සිටියේය. අනික්‌ අය වැල්ලේ දුව පැන ඇවිදිමින් විනෝද වෙද්දී මෙම තරුණයා මේ අයුරින් සිටින්නේ ඇයිද යන්න පිළිබඳ ජර්මානුවා තුළ කුතුහලයක්‌ ඇති විය. හේ තරුණයා දෙස මහත් ඕනෑකමින් බලාගෙන ගියේය. මොහුට තරුණයා සමඟ කතා කිරීමට අවශ්‍ය වුවත් ඔහු එදින තරුණයා සමඟ කථා කළේ නැත. තෙවැනි දිනද ජර්මන් ජාතිකයා අඳුර වැටීගෙන එන්නට ඔන්න මෙන්න තියා හික්‌කඩුව වැල්ලට පැමිණියේය. එදිනද අර තරුණයා භාවනා කරන්නාක්‌ මෙන් වැල්ලේ වාඩි වී මුහුද දෙස බලාගෙන සිටියේය. හේ බර කල්පනාවක වැටී සිටියේය. මෙම තරුණයාගේ මුහුණින් දිස්‌වුයේ දැඩි කළකිරුණු ස්‌වභාවයකි. එදින ජර්මන් ජාතිකයා මෙම තරුණයා අසලට ගොස්‌ ඔහුත් සමඟ සිනහසුණේය. තරුණයාටද ජර්මන් භාෂාව හොඳින් කථා කළ හැකිය. “මා උඹ ගැන දින කිහිපයක්‌ නිරීක්‌ෂණය කළා. ඇයි නුඹ මුහුද දිහා බලාගෙන කල්පනා කරන්නේ…” ජර්මන් ජාතිකයා ඇසුවේය. “ඔයාට පේනවා නේද අර මුහුද මැද තියෙන ගෙය. ඒ ගෙදර අපේ තාත්තාට තමයි තිබුණේ. අපේ අම්මා මිය ගිහින් වැඩි කාලයක්‌ නැහැ. අම්මා නැතිවුණාට පස්‌සේ තාත්තා ගොඩක්‌ අසරණ වුණා. ආර්ථික ප්‍රශ්න ගොඩක්‌ ඇති වුණා. තාත්තා වෙළෙඳාම් කරන්න මුදල් පොලියට අරගෙන තිබුණා. අන්තිමට තාත්තාට ඒ ණය ගෙවා ගන්න බැරිවුණා. ණය කාරයන් ගෙදරට එන්න පටන් ගත්තා. තාත්තාට පොලීකාරයන් තර්ජනය කරන්න පටන් ගත්තා. තාත්තා මුහුද මැද තියෙන ගෙදර බැංකුවට උගස්‌ කළා. දැන් ඒ ගෙදර බැංකුවට සින්න වෙන්න යන්නේ. මීට කලිනුත් අපේ තාත්තාට තිබූ ගෙයක්‌ බැංකුවට සින්න වුණා. මේවා ගැන සිතමින් තමයි මම කල්පනා කරන්නේ…” තරුණයා ජර්මන් ජාතිකයාට කීවේය. මේ තරුණයාගේ කථාව ඇසීමෙන් ජර්මන් ජාතිකයාට තරුණයා ගැන මහත් අනුකම්පාවක්‌ ඇති විය. ඔහුගේ හිත සසල වූයේය. “ඔයා කලබල වෙන්න එපා. ගෙදර බේරගන්න පුළුවන්ද කියලා බලන්න…” ජර්මන් ජාතිකයා කීවේය. “ඔව්. නිවස බේරගන්න පුළුවන්. ඒත් තව ටික කාලයයි තියෙන්නේ. බැංකුවට මුදල් දමන්න ඕන…” තරුණයා කීවේය. “හරි උඹ කලබල වෙන්න එපා මම උඹට උදව් කරන්නම්” ජර්මානුවා කිවේය. ජර්මානුවාගේ මේ කතාවත් සමඟ තරුණයා හා ජර්මන් ජාතිකයා අතර ඇතිවූයේ දැඩි මිතු දමකි. එක්‌ දිනක්‌ තරුණයා විසින් ජර්මානු ජාතිකයා දැනට මොවුන් පදිංචිව සිටින නිවස වෙත කැඳවාගෙන ගියේය. එම නිවසේ ඉදිරිපස තරුණයාගේ ඡායාරූපයක්‌ද අලවා තිබුණේය. වයස්‌ගත අයකු පියා ලෙස හඳුන්වා දුන්නේය. තම පවුලේ දේපළ බැංකුවට සින්න වීම ගැන මේ වයස්‌ගත පුද්ගලයාද කථා කළේය. ජර්මානුවාට මෙම තරුණයාගේ පවුලේ තොරතුරු දැන ගැනීමෙන් තව තවත් ඔහු කෙරෙහි විශ්වාසයක්‌ ගොඩ නැගුණි. “මේ නිවස බේරාදීමට මම කටයුතු කරන්නම්. මගේ ළඟ දැන් සල්ලි නැහැ. ජර්මනියට ගිහින් මම සල්ලි එවන්නම්…” ජර්මන් ජාතිකයා කීවේය. එසේ කියූ ජර්මානුවා තරුණයාගෙන් ගිණුම් අංක ඇතුළු අවශ්‍ය තොරතුරු ඉල්ලා ගත්තේය. ඔහු මුහුද මැද තිබෙන මෙකී ස්‌ථානයේ ඡායාරූපද ලබා ගත්තේය. මුහුද මැද තියෙන මේ වගේ ස්‌ථානයක්‌ මට කවදාවත් හමුවෙලා නැහැ. හරිම සුන්දර ස්‌ථානයක්‌. ජර්මන් ජාතිකයා ජර්මනියට ගොස්‌ මුලින් තරුණයාට නිවස බේරා ගැනීම සඳහා මුදලින් කොටසක්‌ එව්වේය. ඉතිරි මුදලුත් රැගෙන ඊළඟ වතාවේ මෙරටට එන බව හේ තරුණයාට කීවේය. මෙකී නිවස ජර්මන් ජාතිකයාට පැවරීමටද මොවුන් අතර එකඟතාවක්‌ ඇති විය. ජර්මන් ජාතිකයා ජර්මනියේ තම හිතවතුන්ටද මුහුද මැද පිහිටි මෙකී නිවස ගැන කීවේය. මට ලංකාවෙන් මුහුද මැද තියෙන ගෙයක්‌ හමුවුණා. එතන හරිම සුන්දර ස්‌ථානයක්‌. ඒ වගේ තැනක්‌ කිසිදු විදේශිකයකුට හමුවෙලා නැහැ. ජර්මානුවා ජර්මනියේ තම හිතවතුන් සමඟ මහත් උජාරුවෙන් කීවේය. විදේශිකයන් ගෙන්වා එහි හෝටලයක්‌ පටන් ගැනීමටද ජර්මන් ජාතිකයාගේ අරමුණ විය. ජර්මන් ජාතිකයා බලාපොරොත්තු ගොන්නක්‌ පොදි බැඳගෙන තම බිරිඳ සමඟ යළි මෙරටට පැමිණියේය. හේ තරුණයාගේ නිවසට ගොස්‌ ඔහු හමුවුණේය. මෙන්න ඉතිරි මුදල දැන් එම නිවස බේරාගන්න ජර්මානුවා තරුණයාට කීවේය. ඔක්‌කොම හරි. දැන් මම උඹේ නමට ඒ නිවස පවරලා දෙනවා… තරුණයා කීවේය. තරුණයාගේ මේ කථාවට ජර්මානුවාගේ ඉහේ මලක්‌ පිපුණා වැනිය. තරුණයා සටකපට අයෙකි. මීට ඉහතදීත් ඔහු විදේශිකයන් ගණනාවක්‌ මුළා කළ අයෙකි. තරුණයා මේ කරන්නේ රැවටීමක්‌ බව ජර්මන් ජාතිකයා දැන සිටියේ නැත. හේ මුහුද මැද තිබෙන නිවස කියා පෙන්වූයේ හික්‌කඩුව සීනිගම දෙවොල් දෙවියන් වැඩ වසන දේවාලයයි. ( ලංකා ඊ වොයිස් අදහස – දෙවියන් වැඩ සිටිය යුත්තේ දේවල වලවත් , පල්ලි, පන්සල් , කෝවිල් වලවත් මිනිසුන් ඉදිකල ගොඩණැගිලි වලවත් නොව මිනිසුන්ගේ හදවත් වලය ලිපියේ කිසිදු වෙනසක් නොකරනුයේ ලියුම් කරුගේ අදහස එය බැවිනුත් ඔහුගේ එම අදහස් දැරීමේ අයිතියට ගරු කරන බැවිනුත්ය. ) අපේ ඇත්තන් පළි ගැසීමට, මිරිස්‌ ඇඹරීමට හා දෙවොල් දෙවියන්ට කන්නලව් කිරීමට යන්නේ මුහුද මැද පිහිටි මෙම දේවාලයටයි. තරුණයා විසින් ජර්මන් ජාතිකයා ඉතා හොඳින් අන්දවා තිබුණේය. ජර්මානුවා මෙය දේවාලයක්‌ බව නොදැන සිටියේය. මුහුද මැද පිහිටි මෙකී ස්‌ථානය ජර්මානුවාගේ සිත් ඇද බැඳගෙන තිබුණි. මේ කිසිවක්‌ නොදත් ජර්මානුවා ඔරුකාරයකුද කථා කරගෙන මුහුද මැද පිහිටි මෙකී ස්‌ථානය වෙත ගියේ තම බිරිඳ සමගය. මේ ගෙදර මම මිලදී ගත්තා. විදේශිකයා දේවාලයේ සිටි අයකුට කීවේය. මේක ගෙදරක්‌ නෙවෙයි මේක දේවාලයක්‌. වැඳුම් පිදුම් කරන ස්‌ථානයක්‌. එහි සිටි අයකු ජර්මානුවාට කීවේය. එහෙත් එම කතාව ජර්මානුවා විශ්වාස කළේ නැත. උඹ විශාල වංචාවකට හසුවෙලා තියෙන්නේ. මේක දෙවොල් දෙවියන් වැඩ වසන දේවාලය. එහි සිටි අයකු ජර්මන් ජාතිකයාට කීවේය. පසුව ඔහු පෙර කී තරුණයා සොයාගෙන ඔහු සිටි නිවසට ආවේය. තරුණයාවත් නිවසේ සිටි මහලු පුද්ගලයාවත් එම නිවසේ සිටියේ නැත. අර තරුණයා ජර්මානුවාට පොල්ල තියා මාරුවී ගොස්‌ තිබුණි. ජර්මානුවා එම නිවසට යන විට එහි සිටියේ වෙනත් පවුලකි. ඒ අයගෙන් මෙම තරුණයා ගැන තොරතුරු විමසුවද ඔවුන් ද තරුණයා ගැන තොරතුරු නොදැන සිටියහ. ජර්මානුවාද මෙකී තරුණයාගේ ගැටයට හසු වූයේය. මෙය මීට වසර හත අටකට පමණ ඉහතදී හික්‌කඩුව ප්‍රදේශයෙන් ඇසුණු සත්‍ය කතාවකි. මේ කතාව අපට කීවේ නීතිඥ තුෂාර ද සිල්වා මහතා ය. “ජර්මන් ජාතිකයා පොලිසියටද පැමිණිලි කරලා තියෙනවා. නමුත් වැඩක්‌ වුණේ නැහැ. තරුණයා කවුද කියලවත් හොයා ගන්න නැහැ. මුදල් එවපු ගිණුම් පරීක්‌ෂා කරලා තරුණයාට විරුද්ධව අධිකරණයේ නඩුවක්‌ වුණත් දමන්න පුළුවන්. නඩුවක්‌ ගොනු කළත් මෙම ජර්මානුවා ඉන්න ඕන සාක්‌ෂි දෙන්න. නමුත් ඔහු ලංකාවේ ඉන්නේ නැහැ නේ. නමුත් නඩුව ඉදිරියට ගෙනි යන්න බැරි නිසා විත්තිකරු නිදහස්‌ වෙනවා. විදේශිකයින් අපේ අයගේ ගැටවලට හසුවූ කතාන්දර තවත් ගොඩක්‌ තියෙනවා” යෑයිද තුෂාර ද සිල්වා මහතා කීවේය.-ගාල්ල – ලලිත් චාමින්ද -උපුටා ගැනීම – දිවයින

Comments

comments