‘නාමල්ට ඩාන්සින් ස්ටාර් වෙන්න පුළුවන්’ ඩිලාන් කියයි

නාමල් රාජපක්ෂට බ්‍රේක් ඩාන්ස් දාන්න පුළුවන් යැයි හොඳට ඔප්පු කළ බව මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රියැලිටි වැඩසටහනකදී නාමල්ට ඩාන්සින් ස්ටාර් කෙනෙක් වීමට ඒ අනූව හැකියාව ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රීලනිප මූලස්ථානයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාද යාත්‍රාවේ ගිය පිරිසගේ පැමිණීමත් -හැසිරීමත් දෙකම නරක බව ද පැවසූ ඒ මහතා “නාමල් බබා”, “බැසිල් බබා” යන අය දේශපාලන වශයෙන් ගොඩනැඟුණේ ශ්‍රීලනිපය නිසා බවත්, එම ස්ථානයේදී ඇතැමුන් හැසිරුණු ආකාරය ගැන කනගාටුවක් සහ කේන්තියක් ඇතැයිද කියා සිටියේය.

මාධ්‍ය හමුව ඇමතු ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ කොළඹට මිලියනයක් ගේනවා කියා ඔවුන් මිලියන් ටෝක්ස් දුන් බවයි.

අඩු තරමින් 25,000ක්වත් ගෙනඒමට ඔවුන්ට නොහැකි වූ බවත්, එදා රතු පලසින් ගිය මහින්ද රාජපක්ෂ අද තාර පාරේ යාම ගැන දුකක් ඇති බවත්, අවසානයේ මේ සියල්ල බලා සිටි යූඑන්පිය දැන් හොඳ හැටි සතුටුවී ඡන්දය ඉක්මනට තබන්නැයි කියන බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

මාධ්‍ය හමුවට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා බලලෝභය වෙනුවෙන් මේ ආකාරයට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවයි.

Comments

comments