අත්‍යාවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකූණුවොත් 1977ට කියන්න

රජය විසින් මිල පාලනයට යටත් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 එම මිල ගණන් යටතේ අලෙවි නොකරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට ඊයේ ( සෙනසුරාදා ) සිට පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ වැටලීම් ඒකකයක් මගින් මෙහෙයුම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර මහතා පවසනවා.

අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගණන් බවට පත් වෙනතුරු රට පුරා දිස්ත්‍රික්ක 25 පුරා ඇති සුපිරි වෙළෙඳසල්, තොග වෙළෙඳසල් සහ සාමාන්‍ය වෙළෙදසල් පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් සැලසුම් කොට ඇති බවයි ඔහු කියා සිටියේ.

රජයේ පාලන මිල ගණන් නොතකා භාණ්ඩ අළෙවිකරන වෙළෙඳුන් පිළිබද පාරිභෝගිකයන්ගේ පැමිණිලි රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 හි ම සිටින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්ට සහ දුරකථන අංක 1977 ට පැමිණිලි කළ හැකිය.

දුරකතන අංක 1977 වෙත ලැබෙන පැමිණිලි ස්වංක්‍රීය ලෙස පටිගත වන අතර එම පැමිණිලි සදහා සවන් දීමට පැය 24 පුරා නිලධාරින් යොදවා තිඛෙනවා.  එමෙන්ම පාරිභෝගිකයන්ගේ එම පැමිණිලි සදහා පැය 24 ක් යාමට පෙර ක්‍රියාත්මක වීමට අධිකාරියේ නිලධාරීන් සුදානමින් සිටින බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩි දුරටත් සදහන් කළා.

Comments

comments