එංගලන්තයට විශිෂ්ට ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග මුහුණදුන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 88කින් පරාජයට පත් වුණි.

ඒ අනුව දින පහකින් සමන්විත තරගය දින තුනක් නිමවීමට පෙර අවසන් වීම විශේෂත්වයකි.

ලීඩ්ස්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කන්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 298ක් රැස් කරගත්තේය.

ජොනි බෙයාර්ස්ටෝර් ලකුණු 140ක් සහ ඇලෙක්සි හෙල්ස් ලකුණු 86ක් ලබාගැනීමට සමත් වුණි.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක කඩුලු 03 බැගින් දවා ගත්තේය.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී සියලු දෙනා දැවී ලකුණු 91ක් සහ දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී ලකුණු 119ක් රැස් කරගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම් දෙකේදීම වාර්තා වු එකම අර්ධ ශතකය කුසල් මෙන්ඩිස් විසින් දෙවන ඉනිමේ දී වාර්තා කළේය.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ දී කඩුලු 5ක් දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණි.

කඩුලු පිටුපස සිට උඩ පන්දු 09ක් රැක ගනිමින් සහ ශතකයක් වාර්තා කළ බෙයාර්ස්ටෝර් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

Comments

comments