රටේ ණය බර කෝටි 850,000 ක් ජනපති හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ණය බව රුපියල් කෝටි 850,000 ක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අණාවරණය කළේය. ගාල්ල  සමනල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් යටතේ රට ගොඩනැගීමටනම් වාද බේද දුරලා සහෝදරත්වයෙන් ඉදිරියට යා යුතු බව පැවැසූ ජනපතිවරයා අනාගතයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සෑදීමට පාක්ෂියකයන් එක්විය යුතු බවද සඳහන් කළේය.

කිසිදු වාද භේදයකින් තොරව රට ගොඩනැ`ගීමට එක්වන්නැයි ද ජනාධිපතිතුමා මෙහිදී සියලූ දේශපාලන පක්ෂවලට මෙන්ම වෘත්තීය සමිති නායකයින්ට ආරාධනා කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගුණාත්මක, පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගමින් එය ජයග‍්‍රහණය කරා ගෙන යන බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා රටට ආදරය කරන සියලූදෙනා ඒකරාශි කරගන්නා බව ද කියා සිටියේය.

එක්සත් ජාතින්ගේ සංවිධානය තිරසාර සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් කර ඇති ඉලක්කවල අටවෙනි ඉලක්කය ලෙස සඳහන්වන ශිෂ්ට ශ‍්‍රමය යන සංකල්පය .

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස යෝජනා පහක් මෙහිදී සම්මත කරගනු ලැබූ අතර ජනාධිපතිවරයා ලෙස එම සියලු යෝජනා ඉතාම ගෞරවෙයන් පිළිගන්නා බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

Comments

comments