සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ලලිත්ගේ පියා CID යයි

2011 වසරේදී යාපනයේදී පැහැර ගනු ලැබුවේ යැයි සැළකෙන ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් යන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනා පිලිබඳ සාධාරණ පරීක්ෂණයක් දියත් කරන ලෙස ඉල්ලා (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.
අදාළ පැමිණිල්ල ලලිත් කුමාර්ගේ පියා වන ආරුමුගම් වීරරාජු මහතා විසින් කරන ලද අතර මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සහ නීතීඥ නුවන් බෝපගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා පැවසුවේ පසුගිය කාලයේ විශාල පිරිසක් අතුරුදන් කිරීමට සහ පැහැරගැනීමට ලක්වූ බැවින් ලලිත් සහ කුහන් පිළිබඳව වගේම ඔවුන් සියලු දෙනා පිළිබඳවත් පරීක්ෂණ පැවැත්වීමට රජයට බලකරන බවයි.

 

 

 

– සත්හඬ –

Comments

comments