බිලින්දන් අලෙවිකරණ මධ්‍යස්ථාන ලංකාවේ

ලංකාවේ ගාල්ල මහා රෝහල කේන්ද්‍රකරගෙන 1980 දශකය තුල බිලිදු දරුවන් විදේශ රටවලට අලෙවිකරණ මධ්‍යස්ථාන පැවති බව ගල්ෆ් ටයිම්ස් පුවත්පත සදහන් කර තිබේ. රුපවාහිනී වැඩසහනක් උපුටා දක්වන ගල්ෆ් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ ආසන්න වශයෙන් 1980 දශකයේ බිලිදුන් 11000ක් පමණ ලංකවෙන් යුරෝපා රටවලට අලෙවිකර ඇති බවයි. එසේ අලෙවිකරණ ලද රටවල් අතර ස්විස්ටර්ලන්තය, ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය වේ. එසේම එලෙස අලෙවිකරණ ලද බිලිදු ළමුන් 11000න් 4000ක් පමණ ප්‍රමාණයක් නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති බවද වර්තා කර තිබේ. කෙසේ නමුත් බිලිදු දරුවන් අලෙවිකරණ මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙන්නේ වෛද්‍යවරුන් හෝ හෙදියන් විසින් බවද පෙන්වා දි තිබේ. අලෙවිය සදහා බිලිදු දරුවන් සොරකම් කිරිමෙන් හෝ මව පිය කැමත්තෙන් ඔවුන්ට මුදල් දි සහ විවාහ නොවි ගැබි ගත් කාන්තාවන්ගෙන් ලබා ගත් බවද සදහන් වි තිබේ.

වැඩසටහනට අදහස් දක්වා තිබෙන වත්මන් සෞඛ්‍ය අමත්‍ය රාජිත සේනාරත්න මහතා එලෙසෙ බිලිදු දරුවන් අලෙවිකරණ මධ්‍යස්ථාන තිබු බවට පිළිගෙන තිබේ. කෙසේ නමුත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ අදාල චෝදනා පිළිබද විමර්ශනයක් කල යුතු බවයි. ඇතම්විට මෙලෙස අලෙවිය සදහා බිලින්දන් වෛද්‍යවරුන් හා හෙදියන් විසින් ඉතාම කූට අන්දමින් ලබා ගත් බව රුපවාහිනී වැඩසටහන උපුටා දක්වන පුවත්පත සදහන් කර තිබේ. යහපත් සෞඛ්‍ය තත්වයෙන් උපන් බිලිදුන් මියගියේ යැයි මවට පවසා වංචාසගතව කටයුතු කර ඇති අතර ඇතම් විට මිය ගිය බව පැවසු බිලිදුන් ජීවත්ව සිටිනව බිලිදා වැදු මවගේ ඥාතීන් දැක තිබේ. මෙම තත්වය ආණ්ඩුව ඉතා බරපතල ලෙස ගැනෙන බවත් මෙලෙස අසාදාරණට ලක් වූ පවුල් සහ ළමයින්ට සදාරණයක් ඉටු කිරීම සදහා DNA පරික්ෂාවට ලක් කල හැකි ආයතනයක් පිහිට විය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබේ.

 

SLG

Comments

comments