මහින්දයි සුකියි එකයි – සිරිතුංග ජයසූරිය

මියන්මාරයේ රෝහින්ග්‍යා සුළුතර මුස්ලිම් ජනතාවගේ අයිතියට ගරු කරන ලෙසත්, ඔවුන්ට ඔවුන්ගේ රටේ නිදහස්ව ජීවත්වීමට අයිතිය දෙන ලෙසත් මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුකී මහත්මියට පවසන බව එක්සත් සමාජවාදී පෙරමුණේ සිරිතුංග ජයසූරිය මහතා පවසයි.

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව මියන්මාරය තුළදී මර්දනය කරන බව සඳහන් කරමින් එයට විරෝධය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවගේ 180,000ක් ඉන්නේ අවුරුදු 10ට අඩු පොඩි දරුවන්. සුකී බුද්ධාගමට, වටාපතට යටවෙලා බෞද්ධාගම රකිනවයි කියලා ගෙනියන මිලිටරි පාලනය නිසා එක්සත් ජාතීන්ගේ 72 වැනි සංවත්සරයට යන්න පුළුවන්කමක් නෑ.

සුළුතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතිවාසිකම් ආරක්ෂා කරන්න බැරිනම් කිසිම රටක් දියුණු වෙන්නේ නෑ. සුකී මියන්මාරයේ බලයට පත්වුණත් එයාට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තියෙනවා.

ලංකාව ඇතුළත්ව තුන්වැනි ලෝකයේ හොඳම කලාව තමයි ජාතිවාදය අවුස්සලා, ආගම් අවුස්සලා තමන්ගේ අසාර්ථකභාවය යටපත් කරලා පාලනය බලය තියා ගැනීම.ලංකාවේ හිටපු පාලකයෝ කළෙත් ඒකයි. දැන් ඉන්න පාලකයෝ කරන්නෙත් ඒකයි.

පාලනයෙන් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ උන්නැහේ කරන්නෙත් ඒකයි. බුද්ධාගමයි, සිංහලකමයි අවුස්ස අවුස්සා බලයට එන්න හඳනවා. සුකී මියන්මාරයේ කරන්නෙත් ඒකයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Comments

comments