සූරියවැව ක්‍රීඩාංගනය නිසා කෝටි 5000 ක් අහිමි වන ලකුණු

පසු ගිය රජය කාලයේදි හම්බන්තොට වරාය ඉදිකිරිමේදී එම ව්‍යාපෘතියේ විචලණ ඉදිකිරිමක් වශයෙන් රුපියල් කෝටි දහස් ගණනක ණය ලබාගෙන ඉදිකරනු ලැබ ඇති සූරිය වැව ක්‍රීඩාංගණය සෑදූ චීන සමාගමට කිසිදු මුදලක් පසුගිය රජය විසින් ගෙවා නොතිබීම නිසා එම සමාගම විසින් රුපියල් කෝටි පන්දහසක මුදලක් ගෙවන ලෙසට වරාය අධිකාරියට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිම වළක්වා ගැනීම සඳහා මෙම ණය ගණුදෙනුව බේරුම්කාර මණ්ඩලයක් යටතට පත් කරමින් ඒ සම්බන්ධව කටයුතු කිරිමට තීරකයකු පත්කර තිඛෙනවා.

‍එම ඉදිකිරිම සිදු කළ චීන සමාගමට පසුගිය රජය රුපියල් කෝටි තුන්දහසක මුදලක් ගෙවිය යුතුව තිබූ අතර එය ප්‍රමාදවීම හේතුවෙන් තවත් කෝටි 2000ක අතිරේක මුදලක් ගෙවන ලෙසයි මේ වන විට දැනුම්දී ඇත්තේ.

වරාය අධිකාරියට කිසිසේත් මෙතරම් විශාල මුදලක් ගෙවිය නොහැකි තත්ත්වයක් පවතිනවා.

මෙතරම් විශාල මුදලක් වැය කොට මෙම ක්‍රීඩාංගණය ඉදි කර ඇතත් එම ඉදිකිරීම සම්පූර්ණ වී නොමැති බවත් එතරම් මුදලක් වැය කිරීම සම්බන්ධව ගැටලු පැන නැගී ඇති බවත් වාර්තාවනවා.

ගෙවීම් සිදු නොකළොත්එම සමාගම ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් වළක්වා ගැනිම සඳහා මෙසේ බේරුම්කාර මණ්ඩලයක් යටතේ තීරකයකු පත්කර ඇති අතර වත්මන් රජය මත එම බර පැවරී පවතින බවයි රජයේ වාර්තා හෙළිකරන්නේ.

Comments

comments