මත්තල ඉන්දියාවට දෙන්නේ මෙහෙමයි

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පවරාදිම සම්බන්ද විවිධ පුවත් මිට පෙර වර්තා වුණි. අද (10) “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පත වර්තා කරණ අන්දමට මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට පවරාදිමේදී ඉන්දියාව විසින් මත්තල ගුවන්තොටුපල කිසිදු හමුදා කටයුත්තකට භාවිතා නොකරණ බවට වන වගන්තිය ඇතුලත් වනු ඇති බවයි සදහන් වන්නේ. මිට අමතරව ගුවන් ගමන් පාලන කුළුනද ශ්‍රී ලංකාව විසින් පාලනය කරණු ඇති බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වා තිබෙන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර සදහන් කර තිබෙන්නේ. පසුගිය ජුලි මාසයේ චීන සමාගමක් සමග හම්බන්තොට වරාය සම්බන්දව අත්සන් තැබූ ගිවිසුමේද ඉහත ආකාරයේ කොන්දේසි ඇතුලත් බව සදහන් වේ. 2013 වසරේ මාර්තු මාසයේ දි සිය සේවා ඇරබු මත්තල ගුවන්තොටුපල පාඩු ලබන ව්‍යාපෘතියක් විය.

මත්තල ගුවන්තොටුපලට ආයෝජනය කිරීමට සම්න්බද වන ඉන්දීය සමග මත්තල ගුවන්තොටුපලේ 70% ක කොටස් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති නමුත් ලංකා ආණ්ඩුව 40% ක කොටස් ප්‍රමාණයක් අදාල සමාගමට ලබාදීමට කටයුතු කරමින් සිටින බව සෝමවීර මහතා ප්‍රකශ කර තිබේ. ඒ අනුව අවසාන තක්සේරු වාර්තාව සතියක් ඇතුලත බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ. මත්තල ගුවන්තොටුපලට ඉන්දියාවේ තක්සේරුව ඇමරිකානු ඩොලර් මිලියන 293ක් වන අතර එයින් 70%ක් (ඩොලර් මිලියන 205) අදාල සමාගම ආයෝජනය කරණු ඇත. අදාල ගිසුම වසර 40ක් සදහා වන අතර ඉන් පසු දෙපාර්ශවයේ එකගතාව මත ගිවිසුම දීර්ග කර ගත හැක. දැනට මත්තල ගුවන්තොටුපලේ 500 ක සේවක පිරිසක් සේවයේ යෙදි සිටින අතර ඔවුන්ගේ රැකියා එලෙසම පවතිනු ඇති බව සදහන් වේ.

දැනට මත්තල ගුවන්තොටුපලේ මාසික අදායම රුපියල් මිලියන 6ක් වේ. චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා දුන් ඩොලර් මිලියන 190ක ණයක් මගින් මත්තල ගුවන්තොටුපල ඉදිකෙරුණු අතර මේ වන විට ලංකා ආණ්ඩුව විසින් ඩොලර් මිලියන 25ක් අදාල ණය මුදලින් ගෙවා දමා තිබේ.

slg

Comments

comments