මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ මහින්ද කිපෙයි – මාව අවුස්සන්න එපා කියා පිටව යයි | VIDEO

පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මතාගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස නීතිවිරෝධී ලෙස සිල් රෙදි බෙදා හැරීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් නීති විරෝධී ලෙස භාවිතා කිරීම ඇතුළු චෝදනාවලට වැරදිකරුවන් වී සිරගතව සිටින, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ සුවදුක් විමසීමට  (11) වැලිකඩ බන්ධනාගාරයට ගිය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ ආවේගයට පත්ව තිබේ.

ඒ මෙලෙස සිල් රෙදි බෙදීම සඳහා මිලියන 600ක තරම් මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් ප්‍රශ්න කිරීම නිසාය.

මෙහි නියෝග ලබා දුන්නේ තමන් බවත් එය තමන් පිළිගන්නා බවත් ප්‍රකාශ කර ඇති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සිල් රෙදි සඳහා පමණක් නොව තවත් කරුණු 08ක් වෙනුවෙන් තමන් මෙලෙස මුදල් ලබා ගෙන ඇති බවය.

Comments

comments