2020 වන විට දුම්කොළ වගාව තහනම්

දුම්වැටි අසුරනයේ ඇති රූපමය අවවාදය සියයට 80 ක් දක්වා ඉහළ නැංවීමට තමන්ට හැකි වු බවත්, ඒ තුළින් දුම්වැඩි භාවිතය සැළකිය හැකි ලෙස පහත වැටී ඇති බවත්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  (11) අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සිසු හෙද හෙදියන් 1614 ක් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

තවද I ශ්‍රේණියේ හෙද නිලධාරී (මහජන සෞඛ්‍ය) 121 කට ද, I ශ්‍රේණියේ හෙද නිලධාරී (රෝහල් සේවා) 476 කට ද, I ශ්‍රේණියේ හෙද නිලධාරී (අධ්‍යාපන) 291 කට ද වශයෙන් 888 කට ස්ථිර පත්වීම් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය ආණ්ඩුව තුළින් දුම්කොළ සමාගම් සඳහා පාඩු සිදුවන බැවින් මුනිවත රැකි බවයි.

මේ වන විට දුමිවැටි භාවිතය 46% කින් අඩු වී තිබෙන අතර ම දුම්කොළ වෙනුවෙන් ඉදිරියටත් නීති රීති ගෙන එන බවත් පාසල් අවට සිගරට් විකිණීම තහනම් කිරිම, තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීම ඒ අතර ප්‍රධාන වන බවත් වසර 2020 වනවට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවේ තහනම් කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබූ සීමාවන් ඉවත් කළ බවත් පිළිකා ඖෂධ සඳහා ආදේශක හඳුන්වා දුන් අතර, එම ඖෂධ මේ වන විට ඇමරිකාවේ ඖෂධ අධිකාරිය ද පිළිගෙන තිබෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා අපේ රටේ ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ සමාගම්වල බලපෑම්වලට යටත්ව කටයුතු කළ බවත් පැවසීය.

නිදහස් සෞඛ්‍ය සේවාව ලෙස හඳුන්වමින් මෙතෙක් කල් බහුජාතික සමාගම්වලට මුදල් ලබා දුන් නමුත් යහපාලන රජය රජයේ මුදල් භාවිතය සාධාරණ තැනකට ගෙනඑනු ලැබු බවත් කී අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ ඖෂධ මාෆියාව විනාශ කර වංචා දුෂණ අඩු කළ බවත් ලංකාවේ සෞඛ්‍ය සේවාව අනෙකුත් රටවලට ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර තිබෙන අමාත්‍යවරයා පෙන්වා දුනි.

Comments

comments