කිලිනොච්චියේදී පැරණි කොටි කඳවුරකින් තෙල් ගබඩාවක් හමුවෙයි | PHOTO

කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක තිබූ යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කරන ලද තෙල් ගබඩාවක් කිලිනොච්චිය ගුවන් හමුදාව විසින් සොයාගෙන ඇත.

කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් ලැබුනු තොරතුරකට අනුව කල්මඩු නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවේ සිදු කරන ලද සෝදිසි කිරීම්වලදී අදාල තෙල් ගබඩා කරන ලද විශාල ටැංකියක් හමු වී ඇත.

අදාල ටැංකිය වලදමා තිබියදී ගොඩට ගත් අතර එය තිබූ ප්‍රදේශය යුද සමයේදී කොටි සංවිධානයේ කඳවුරක්ව පැවති බවටත් එම ටැංකියේ ඉන්ධන ලීටර් 30,000 ක්පමණ ගබඩා කරගත හැකි බවටද ගුවන් හමුදා නිලධාරීන් කියා සිටියහ.

යුද සමයේදී කොටි සංවිධානය විසින් උතුරේ ඉන්ධන පිරවුම්හල් වෙතට ගිය තෙල් බවුසර් බලහත්කාරයෙන් රැගෙන ගොස් මෙසේ කැලෑවල තිබූ එම සංවිධානයට අයත් තෙල් ගබඩා වලට ඉන්ධ පුරවා ගනු ලැබුවේ කිසිද මුදලක් ලබා නොදීය.

කෙසේ වෙතත් අදාල බන්ධන ටැංකිය හමුවීමත් සමග ගුවන් හමුදා සාමාජිකයින් විසින් කොටි කඳවුරු පිහිටා තිබූ ස්ථානය අවට ආයුධ වලදමා ඇත්තේද යන්න පිළිබඳවද පරික්ෂා කිරීම් සිදු කිරීමටද පියවර ගෙන ඇත.

 

Comments

comments