තිලංග සූදු සඳහා සම්බන්ධ නෑ :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා හා සූදු කර්මාන්තය අතර පවතින යැයි පැවැසෙන කරුණු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ක්‍රීඩා අමාත්‍යාංශය කරනු ලැබූ පරීක්ෂණවලින් ඔහු නිදහස් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අද (06දා) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එසේම වත්මන් පාලනය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැති අස්ථාවර තත්ත්වයෙන් ප්‍රති නැංවීම් කළ බවත් ආයතනය වසර 5ක සැලැස්මක් යටතේ ක්‍රියාත්මක බවත් එම නිවේදනයේ දැක්වෙයි.

1

2

3

Comments

comments