උ.කොරියාව ඇමෙරිකාවට ගැහුවොත් ගහනවා – මැටිස්

ඇමෙරිකාවට හෝ ඇමෙරිකාවේ මිතුරෙකු වෙත උතුරු කොරියාව විසින් සිදුකරන කිසියම්ම හෝ තර්ජනයක් දැවැන්ත හමුදා ප්‍රහාර ප්‍රතික්‍රියාවක ආරම්භය බව පෙන්ටගන් ප්‍රධානී, ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් අවධාරණය කරයි.

රහස්‍ය කොමියුනිස්ට් රාජ්‍ය විසින් පසුගියදා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසුව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඇමෙරිකානු ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් පසුව මැටිස් මාධ්‍ය වෙත මෙම අදහස් දැක්වීම සිදුකළේය.

ප්යොන්ග්යැන්ග් පාලනය පවසා සිටියේ ඔවුන් ඉතා සාර්ථකව නවීනතම හයිඩ්‍රජඩන් න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලූ බවයි. එය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක පවා සවි කිරීමට හැකි ආකාරයේ බෝම්බයක් බවද ඔවුහු කීහ.

කෙසේ වෙතත්, උතුරු කොරියාවේ මෙම ක්‍රියාව ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර, උතුර කොරියාවේ මිත්‍ර රටවල් පවා එය හෙළා දැක තිබුණි.

ධවල මන්දිරයේ පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් පසුව වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ ඇමෙරිකාව උතුරු කොරියාවෙන් එන ඕනෑම තර්ජනයකට මුහුණදිය හැකි බවයි. එමෙන්ම, දකුණු කොරියාවට හා ජපානයටද එම හැකියාව පවතින බව හෙතෙම පැවසීය. කෙසේ වෙතත්, ඇමෙරිකානු පාලනයේ පවතින පැසිෆික් ග්වාම් දූපත ආරක්ෂා කරන බවද හෙතෙම අවධාරණය කළේය.

Comments

comments