මිනාක්ෂී දෙමළ පෙම්වතීය

පිච්ච මල් ගැවසු නිල් කෙස් කළඹේ
සුවඳට බඹරු පොරකති මහමඟ දෙපසේ
පා සලඹේ හඬ දෝංකාර දෙයි රිසිසේ
මිනාක්ෂි ගමනක් යයි මා නොමැතිව මෙලෙසේ

අපේ සබඳ කම් පෙරදා
සුවඳ දිදී ඇත සැමදා
අප දෙපසට කර රන්දා
ඉන්නේ කවුරුද මන්දා

නුඹේ හදවත පසාරු වුණි යකඩ උණ්ඩයට
එය දරාගත නොහැකි වුණි සිංහල හදවතට
දැනෙන නොදැනෙන දුරින් නුඹේ හඬ ඇසෙනකොට
මරාගෙන මැරෙන්න හිතෙයි මට ගරිල්ලෙකු ලෙසට

නීලා නීලා ඔඩී වා…. කිවු මගේ සඳ
මගේ ලොව අඳුරු කළ පසළොස්වක සඳ
එළිය වැටෙනමුත් අමාවකයි දැන් හැමදාම..
පිබුදුණත් මල් ‍රැසක්
නුඹ වාගේ නියඟලා මලක්
සොයන්නට බැරිය….

|ලහිරු මධුසංඛ ලියනආරච්චි

Comments

comments